quarantine ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label quarantine. Show all posts
Jan 14

හැටන් ප‍්‍රදේශයේ සිනමා ශාලාවක් ඉදිරිපිට නිරෝධායන රීති කඩකරමින් රැස්ව සිටි තරුණයන් පිරිසක් පොලිස් නිලධාරීන් විසින් යළි අද නිවෙස් වෙත පිටත් කර හැරියා. අදට යෙදුණු තෛපොංගල් දිනයේදී හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවක දමිල චිත‍්‍රපටයක් තිරගත කරන බවට ලද තොරතුරක් මත වතුකරයේ තරුණයන් පිරිසක් මෙලෙස එම සිනමා ශාලාව ඉදිරිපිටට රැස්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
Jan 14

විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයථා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශ්වකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙස නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල්හිමියන්ට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබේ.
Jan 08

නිරෝධායන නීතිවලට පටහැනිව උපකාරක පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරියකට අද රුපියල් දහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියම කෙරුණා. ඒ, දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අදාළ ගුරුවරිය හැටන් දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් ජේ.ට්‍රොස්කි වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Jan 08

දම්පේ සියනෑ ජාතික පාසලේ ශිෂ්‍යාවකට හා එහි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී ඇත. ඉන් අනතුරුව සිසුවියගේ ආශ්‍රිත සිසුන් තිස්දෙනකු හා අනධ්‍යයන සේවකයාගේ ආශ්‍රිතයන්ද නිරෝධායනයට ලක් කර ඇත.
Dec 27

නිවෙස් නිරෝධායනයට ලක්වෙමින් සිටියදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් පුද්ගලයෙකු නිවසින් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
Dec 23

අමාත්‍ය සි බි රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන්, නුවරඑලිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මරුදපාණ්ඩි රමේෂ්වරන් සහ නිමල් පියතිස්ස, ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
Dec 22

බේරුවල ප්‍රදේශයේ නිරෝධායනයට ලක්කර සිටි 78 හැවිරිදි කාන්තාවක මියයෑමෙන් අනතුරුව මළසිරුර හොරෙන්ම භූමදානය කර ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.
Dec 18

කොරෝනා ආසාදිත තරුණියක් සමග සෙල්ෆි ඡායාරූප ගත් සෞඛ්‍ය අංශ සේවකයකුට දින 14ක් නිරෝධායනය වීමට සිදුවීමේ පුවතක් මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයකින් වාර්තා වේ.
Dec 10

විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අද දිනයේදී නිකුත් කිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
Nov 26

නිරෝධායනය සඳහා යොමු කර සිටි හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් හදිසියේ ඇද වැටී අපවත් වී තිබේ.
Nov 16

විදෙස් රටක සිට පැමිණ නිරෝධායනයට ලක්වී නිවාස බලා යමින් සිටි පුද්ගලයෙකුගෙන් මත්පැන් බෝතලයක් ලබාගත් බව කියන කුලියාපිටිය රෝහලේ ගිලන්රථ රියදුරෙකු සම්බන්ධව කුලියාපිටිය වෛද්‍ය අධිකාරී කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇත.
Nov 11

කොළඹ, කටුනායක අධිවේගී මාර්ගයේ අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
Nov 10

යුක්රේන සහ ශ්‍රීලන්කන් ගුවන් සේවා කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක්කරන කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිත තරු පන්තියේ හෝටල්වල නීතිවිරෝධී ආකාරයෙන් සාද පවත්වා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.
Nov 06

බණ්ඩාරවෙල රූගත කිරීමකට ගොස් සිටියදී නිරෝධායනයට ලක්කල ටෙලිනාට්‍ය කණ්ඩායම දින 6කට පසු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය නිලධාරී රන්ජිත් දිසානායක මහතා කියයි.
Nov 05

ලබන සඳුදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය යොදවා රට වසා තැබීමට කිසිදු අදහසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොමැති බවත් රටේ බහුතර ජනතාව අත්විදින ගැටළු ගැන අවධානය යොමු කොට සියලු පුරවැසියන් සෞඛ්‍යාරක්ෂිතව කොවිඩ් ආසාදිතයෙක් නොවී කටයුතු කිරිමට පියවර ගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
Oct 31

පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස අද (31) උදෑසන වන විට හඳුනාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
Oct 29

වැල්ලම්පිය, කටුපැලැල්ල ප්‍රදේශය ආශ්‍රිතව නිවෙස්වල නිරෝධායනයට ලක්ව සිටින පවුල් විශාල ප්‍රමාණයක් ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටිති.
Oct 28

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Oct 16

කටුනායක ප්‍රදේශයේ කාන්තාවක් පෙරේදා (14 වැනිදා) සවස නිරෝධායනය වීම සඳහා යාමට සූදානම් වන ලෙසට තමන්ට දැනුම් දීමට ආ හමුදා භට පිරිසකට නිවසේ සුනඛයා ලිහා උසිගන්වා අනතුරක් කිරීමට උත්සාහ කර තිබේ.
Oct 14

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවකගේ නිවසකට හොරු පැනීමේ සිදුවීමක් නාරම්මල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.