Nov
11
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ රිය අනතුරක්
ඊයේ රාත්‍රී 10ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ දෙස සිට කටුනායක දෙසට ධාවනය වූ බස් රථයක් වන අතර, එම අනතුරෙන් තුවාල ලැබූ බස් රථයේ රියදුරු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
රියදුරුට බස් රථය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
බස් රථය පෙරළී යාම හේතුවෙන් ඊයේ රාත්‍රියේ පැය කිහිපයක් කොළඹ, කටුනායක අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.