Sep
13
දැනට පවතින පළාත් සභා 9 “රුහුණු, පිහිටි, මායා” නමින් 3ට අඩුකරන යෝජනාවක්..!
දැනට පවතින පළාත් සභා 9 අඩු කරන ලෙසට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වනවා.
පසුගිය දිනෙක අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති පිරිසක් ඒ මහතාට පෙන්වා දී ඇත්තේ ඉකුත් රජ සමයේ මෙන් රුහුණු, පිහිටි, මායා යනුවෙන් පළාත් සභා 3ක් පමණක් ක්‍රියාත්මක කළහොත් මීට වඩා ප්‍රයෝජනයක් ඉන් ලබා ගත හැති බවකි.
එමෙන්ම විශාල මුදල් ඉතිරියක් ඒ හරහා සිදු කළ හැකි බවද එම පිරිස අගමැතිවරයාට පෙන්වා දී තිබෙනවා.
දැනට පවතින පළාත් සභා ක්‍රමය නිසා විශාල මුදල් නාස්තියක් මෙන්ම ජනතාවගේ අප්‍රසාදයද ඊට පළවී ඇති බැවින් මෙම යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ සාකච්ජාවක් ආරම්භ කිරීමට අගමැතිවරයා සූදානමින් සිටින බවද දැනගන්නට තිබෙනවා.
ලංකා දූපත සහ ආශ්‍රිත ප්‍රදේශයේ අතීතයේ තිබූ දේශපාලනික හෝ පරිපාලනමය බෙදීමකි.
තුන් සිංහලේ : රුහුණු රට , මායා රට හෙවත් දක්ඛින දේශය , පිහිටි රට හෙවත් රජරට
මෙම කොටස් තුන (හෝ දෙකක් පමනක් යාකර) බොහෝ කාලවකවානු තුල වෙන වෙනම රජවරුන් යටතේ පැවතුනි. තුන් සිංහලේ එක් රජෙක් යටතේ පවතින අවස්ථාවල මෙම ප්‍රදේශ පරිපාලන ඒකක ලෙස පැවතුනි. අනුරාධපුර යුගයට පෙර සහ ඇතුගල්පුර යුගයට පසු මෙම දේශපාලනික හෝ පරිපාලනමය බෙදීම පිලිබඳ සාධක නොමැත.[තහවුරු කරන්න]රුහුණු පිහිටි හා මායා යනරාජ්‍යයන් තුන එකට හමුවන ස්ථානය කටුගස්තොටයි.වර්තමානයේද ත්‍රි සිංහලය සංකේතවත් නරමින් කටුගස්තොට ත්‍රි සිංහලාරාමය විහාරය සාක්‍ෂි දරයි.
වර්ථමානයේ මෙය හුදෙක් සංස්කෘතිකමය, වාණිජමය හා ඓතිහාසාක බෙදීමකි.
ලංකාව පාලනය කළ අපේ සිංහල රජවරු පාලන පහසුව පිණිස මුල සිටම රට කොටස් වශයෙන් බෙදා පාලනය කරන ලදී. මෙහි මුල්ම බෙදීම වශයෙන් රට කොටස් තුනකට බෙදා තිබුණේ ඈත අතීතයේ සිටය. එම බෙදීම රුහුණු, මායා, පිහිටි යනුවෙන් කොටස් තුනකට අයත්විය. එය කෙටියෙන් හඳුන්වන ලද්දේ ත්‍රිසිංහලය කියායි. මහවැලි ගඟින් හා දැදුරු ඔයෙන් නැගෙනහිර කොටස අයත්වූයේ පිහිටි රට හෙවත් තැනිතලා ප්‍රදේශයටයි. මෙම කොටස වැඩි වශයෙන් අයත් වූයේ වැව් බැඳි රාජ්‍යයටයි.
පිහිටි රටට අයත් ප්‍රධාන නගර වශයෙන් එදා ගැනුණේ මාවටුපුරය, නාගදීපය, මංඩතීපය. මන්නාරම, මාතොට, අනුරාධපුරය. පුත්තලම, කදුරුගොඩ, තන්තිරිමාලේ යන පෙදෙස්‌ය. මෙහි මහාග්‍රාම සහ පටුනුග්‍රාම වශයෙන් තවත් ගම් බොහෝ ගණනක් වී යෑයි විත්ති පොත්වල සඳහන්ව ඇත. පිහිටිරටේ එදා තිබූ එක්‌සාළිස් රට මෙසේ දක්‌වා ඇත.
1. අමන්දරට 2. ඇළසර රට 3. උඩුගොඩ 4. අස්‌ගිරිය 5. සිරියාල 6. මහගුළුරට 7. සුළුගලුරට 8. කඩියාව 9. පොළොන්නරුව 10. පූඩාව 11. කොට්‌ටපිටිය 12. මංගලම්රට 13. කලා රට 14. සලාවල් රට 15. කෑලි රට 16. මාවටුව 17. මන්නාරම 18. කරඹ වලාන 19. නෙල්ලිවලාන 20 මහගල්ගමුව 21. දහස්‌තොට 22. දඹු නුවර 23. තඹගොමුව 24. වඩුන්නාගල 25. පළුවක්‌රට 26. කෝකාලය 27. පදීරට 28. මෝරුරට 29. කුරුඳු රට 30. මානාවතුරට 31. වැලිගම 32. මරිච්චිය 33. බලතඩිය 34. මුංඩවල්ලිය 35. කණුකිනියාව 36. ගල්තලය 37. මින්නේරිය 38 කවුඩුළු රට 39. වෙල්ගම්රට 40. ගෝණාවතුරට 41. අනුරාධපුර රට.
මෙම එක් සාළිස් රට පාලනය සඳහා එම යුගයේ ඈපාවරුන් හා මාපාවරුන් සිට ඇත. මීළඟට රුහුණු රට වශයෙන් බෙදා වෙන්කළ ප්‍රදේශය සීමා වූයේ මහවැලි ගඟින් බටහිරටත් කළුගඟින් බටහිරටත් වෙන් වූ කොටසයි. එය අංක 1 සිතියම මගින් පැහැදිලි වේ. මෙහි ප්‍රධාන නගර ලෙසින් තිරිකුණාමලය, ගෝණගම, මහනුවර, මහියංගණය, බදුල්ල, මාගම, කතරගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි සිව්සාළිස් රටක් වශයෙන් හඳුන්වා දී තිබිණි. එම සිව්සාළිස් රට මෙසේ දක්‌වා ඇත.
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න