Sep 16

රාජ්‍ය නිලධාරියෙකු ලිංගික අල්ලස් ඉල්ලන වීඩියෝව සමාජය කළඹයි


නිවාස අමාත්‍යංශය යටතේ ඇති සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු තමන් යටතේ සේවය කරන නිලධාරිනියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.

අදාළ ඉහළ නිලධාරියාගෙන් කලක පටන් බලපෑම් එල්ල වන බැවින් ඇය මෙලෙස ඔහු තමන් වෙත බලපෑම් එල්ල කරන එක් අවස්ථාවක් රහසිගතව පටිගත කර තිබෙනවා.

තමන් යටතේ සේවය කරන නිලධාරිනියන් අපහසුතාවයට පත්කරමින් අයුතු බලපෑම් එල්ල කරන මෙම රාජ්‍ය නිලධාරියාට එරෙහිව වෙනත් චෝදනා ද ඇති බවයි වාර්තා වන්නේ.

එම චෝදනාවලට අදාල විමර්ශන කි‍්‍රයාත්මක අතරතුර එම රාජ්‍ය නිලධාරියා වැඩතහනමකට ද ලක්කළ යුතු බවට නිර්දේශ වී ඇතත්, ආයතනයේ ඉහළ නිලධාරියෙකුගේ බලපෑම යටතේ මෙම රාජ්‍ය නිලධාරියාට එරෙහිව එවැනි කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවට ද වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.