Sep
14
රටින් පැන්න ලඩියාගේ වත්කම් පොලිස් භාරයට
විදේශ රටකට පලාගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිනමුල්ල කංකානම්ලාගේ නලීන් චතුරංග නොහොත් ලඩියාගේ සහායකයින් තුන්දෙනෙකු අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී ලඩියා නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය ජාවාරම් හා කප්පම් මගින් උපයාගත් මුදල්වලින් මිලදී ගනු ලැබූ බස් රථ 03 ක් ද එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ලඩියා නැමැත්තාට අයත් බව කියන ඉඩම් ඔප්පුවක් ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් අද (14) කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.