May
03
1995 වසරේ මාර්තු මස දිනක පුවත් පතක මුල් පිටුවේ ප‍්‍රධාන පුවත වූයේ කොටි සංවිධානය ඇෆ්ගන් මුජෙයිදින් ගරිල්ලන්ගෙන් සැට් 7 ගුවන් යානා නාශක මිසයිල සහ ස්ටේ‍්‍රලා මිසයිල ලබාගෙන ඇති බවයි.
එම තොරතුරු අනාවරණය කළේ ජාත්‍යන්තර පොලිසියයි. එකල ගුවන් හමුදාපති වූයේ ඔලිවර් රණසිංහයි. කොටි ත‍්‍රස්තයන් ගුවන් යානා නාශක මිසයිල ලබාගෙන ඇති බවට ජාත්‍යන්තර පොලිසියේ අනතුරු ඇගවීම ගුවන් හමුදාපතිවරයා ප‍්‍රතික්‍ෂේප කළේය. එහෙත් 1995 අපේ‍්‍රල් 28 සහ 29 යන දෙදින තුළ මහා විනාශයක් සිදුවිය. ඒ සී. ආර්. 834 සහ 835 යන ඇව්රෝ යානා දෙක කොටි මිසයිල ප‍්‍රහාරවලට ගොදුරු වීමයි. මෙයට විසිපස් වසරකට පෙර සිදුවූ මේ ඛේදවාචකයේ ඇත්ත කතාව අද අපි හෙළි කරන්නෙමු.
සී. ආර්. 835 යානාව පලාලි ගුවන් තොටුපල අසල කඩාවැටී විනාශ වීමෙන් පසු ගුවන් හමුදාව පැවසුවේ යානාවේ කාර්මික දෝෂයක් නිසා එය කඩාවැටී ඇති බවයි. මෙම යානාව කඩාවැටීමට හේතුව කොටි මිසයිල ප‍්‍රහාරයක්ද යන්න ගැන එදා සිටි ගුවන් හමුදාපතිවරයා නිරීක්‍ෂණය කළේ නැත. යානාව කඩාවැටී පැය 24 ක් ගතවන අවස්ථාවේ ගුවන් හමුදාපතිවරයා 2 වැනි ඇව්රෝ යානාව ද ගුවන්ගත කිරීමට නියෝග කරනු ලැබීය. මෙම යානාව ද පලාලි කඳවුරේ සිට කිලෝමීටර් දෙකක් ඈත පිහිටි අච්චුවේලි ප‍්‍රදේශයට කඩාවැටිණි. මෙම ප‍්‍රදේශය කොටි ත‍්‍රස්තයන්ගේ පාලනය යටතේ පැවතුණි.
ඇව්රෝ යානා දෙකක් විනාශ කිරීමට කොටි කි‍්‍රයා කිරීම නිසා පලාලි සහ රත්මලාන අතර ගුවන් සබඳතා ඇණහිටියේය. කොටි ත‍්‍රස්තයන් මිසයිල ලබාගෙන ඇති බවට ගුවන් හමුදාති ඔලිවර් රණසිංහට අවබෝධ වූයේ 2 වැනි යානාව විනාශ වීමත් සමගය.
අච්චුවේලි ප‍්‍රදේශයට කඩාවැටුණු දෙවැනි ඇව්රෝ යානාවේ ගමන් කළ 52 ක් වූ පිරිසගෙන් විසිපහකගේ සිරුරු පමණක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා හමුදාවට බාරදී ඇත්තේ දින කීපයකට පසුවය. එහෙත් ඉතිරි 27 දෙනාගේ සිරුරු බාරදීමට කොටි කි‍්‍රයා කර නැත. එම මළ සිරුරුවලට සිදුවූයේ කුමක් දැයි වසර 25 ක් ගතවන අවස්ථාවේත් හෙළිවී නැත.
අපේ‍්‍රල් 28 දා කඩාවැටුණු ඇව්රෝ යානාව ගැන විමර්ශන පැවැත්වීමට ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහ රත්මලාන ගුවන් හමුදා ප‍්‍රවාහන අංශයේ ප‍්‍රධානි ශිරන්ත ගුණතිලක සහ ඉංජිනේරු නිලධාරි වික‍්‍රමසිංහ පත් කර තිබිණි.
මෙම ගුවන් හමුදා නිලධාරීහු දෙදෙනාම 2 වැනි ඇව්රෝ යානාව කඩාවැටීමෙන් මරුමුවට පත් වූහ. අපේ‍්‍රල් 29 වන සෙනසුරාදා රොජර් 834 යන සංඥා නාමයෙන් හඳුන්වනු ලැබූ මේ යානාව පිටත් වූයේ උදේ 7 ට පමණ බව හෙළිවිය. පියසර ලූතිනන් සුජීව පතිරණ පැදවූ මේ යානාවේ රජයේ මාධ්‍යවේදීන් තිදෙනකු ද විය.
රත්මලාන සිට අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි මේ යානාවට අනුරාධපුරයේදී යුද හමුදා භටයන් 30 ක්, නාවික හමුදාවේ පහක් සහ පොලිසියේ දෙකක් ද ගුවන් හමුදාවේ 12 ක් ද ගොඩවිය. ඔවුන් නිවාඩු ලබා උතුරේ හමුදා කඳවුරු වෙත යන හමුදා නිලධාරීන්ය.
මේ යානාව අනුරාධපුර ගුවන් කඳවුරෙන් පිටත් වූ බවට කොටි බුද්ධි සේවා ත‍්‍රස්තයකු විසින් කොටි මිසයිල ඒකකය වෙත දන්වා තිබූ බව වසර කීපයකට පසු හෙළිවිය. අනුරාධපුරයේ සිට වව්නියාව හමුදා කඳවුර උඩින් පියාසර කළ ඇව්රෝ යානාව පලාලි වෙත යෑම සඳහා පුනරින් කඳවුරු ප‍්‍රදේශයට අවතීර්ණ විය. මේ අවස්ථාවේ යානාව වෙත එක එල්ලේ ඇදී එන මිසයිලයක් දුටු නියමු පතිරණ විගස ඒ බව පලාලි වෙත දන්වනු ලැබීය.
එහෙත් ගුවන් යානා නාශක මිසයිල විනාශ කිරීමේ ප‍්‍රතිමිසයිල අපේ යුද හමුදාව සතුව නොතිබිණි. පලාලි ගුවන් තොටුපලට ගොඩබැස්සීම සඳහා විනාඩි 2 ක කාලසීමාවක් තිබියදී යානාව අච්චුවේලි අහසේදී විනාශ විණි. ඇව්රෝ යානා දෙකක් විනාශ වන අවස්ථාවේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මෙරට සිටියේ නැත. මේ පසුබිම මැද පලාලි ගුවන් තොටුපළ වෙත කඩාවැටුණු මුල්ම ඇව්රෝ යානාවේ සිටි අයගේ සිරුරු රැගෙන පලාලි සිට අනුරාධපුරය වෙත ගුවන් ගමන් තුනක් කි‍්‍රයාත්මක විය. එම මළ සිරුරු වලින් එකක් උතුරු ප‍්‍රදේශයේ ගුවන් හමුදා අණ දෙන නිලධාරි රොජර් වීරසිංහගේ විය. මෙම ගුවන් ගමන් තුනටම මිසයිල ප‍්‍රහාර එල්ල නොවූයේ එහි ගෙනියන්නේ මළ සිරුරු බව කොටි බුද්ධි අංශයට වාර්තාවීම නිසා බව තහවුරු විය.
මරුමුවට පත්වූ රොජර් වීරසිංහ මාදගල් ප‍්‍රදේශයේ සිදුවූ හමුදා මෙහෙයුමක් නිරීක්‍ෂණය කිරීම සඳහා දින 2 කට පෙර පලාලි වෙත පැමිණ සිටියේය. පසුව අනුරාධපුරයේ පිහිටි කි‍්‍රයාන්විත මූලස්ථානය වෙත පැමිණීම සඳහා ඔහු අපේ‍්‍රල් 28 වැනි සිකුරාදා පලාලි ගුවන් තොටුපළින් ඇව්රෝ 835 යානාවට ගොඩවිය. පියාසර ලූතිනන් මහේෂ් ගමගේ පැදවූ මේ ඇව්රෝ යානාව අපේ‍්‍රල් 28 වැනි සිකුරාදා පලාලි වෙත පැමිණ තිබිණි. පලාලි ධාවන පථයේ සිට ගුවන්ගත වූ ඇව්රෝ යානාවට මිසයිල ප‍්‍රහාරය එල්ල වූයේ ඒ සමගය.
පලාලි ගුවන්තොටුපලේ ගිනි නිවන අංශයේ භටයෙක් වම්පස එන්ජිමේ ගිනිදැල් මතුවන බව දැක ඒ බව පාලන මැදිරියට දන්වා ඇත. වහාම කි‍්‍රයාත්මක වූ පලාලි පාලන මැදිරිය යානාව ආපසු ගොඩබස්වන ලෙස නියමු ගමගේට දන්වා ඇත. එසේ වුවත් යානාවේ වම් තටුව මුළුමණින්ම ගිනිගෙන කඩාවැටීම නිසා යානාව කඩාවැටිණි.
මුල්ම ඇව්රෝ යානාව කඩාවැටෙන අවස්ථාවේ කයිට්ස් ප‍්‍රහාරයෙන් මියගිය සෙබළු අට දෙනකුගේ සිරුරු ද එහි විය. පලාලි ගිනි නිවන ඒකකයේ භටයා මෙම සිද්ධිය පාලන මැදිරියට යානාවේ තටුවක ගින්නක් ඇවිලී ඇති බව දැනුම් දීම නිසා ගුවන්හමුදා බලධාරීහු එකවරම පැවසුවේ කාර්මික දෝෂයක් නිසා යානාව කඩාවැටී ඇති බවයි.
මිසයිලවලින් ආරක්‍ෂාවීමට ප්ලේයාර්ස් ආලෝක ධාරා ලබාගැනීමට කි‍්‍රයා නොකිරීම සම්බන්ධයෙන් හමුදාපති ඔලිවර් රණසිංහ වගකිවයුතු වුවත් ඔහුට එරෙහිව චන්ද්‍රිකා කුමාරතුංග රජය කිසිදු පියවරක් ගත්තේ නැත.
ඇව්රෝ යානා දෙක වැනසීමෙන් උද්දාමයට පත් ප‍්‍රභාකරන් එම යානා වැනසූ රාධා මිසයිල බලකායේ නායකයාට සහ ප‍්‍රහාර එල්ල කළ ත‍්‍රස්තයන්ට තෑගි ප‍්‍රදානය කළ බව කොටි වෙබ් අඩවියක පළ විය.
කොටි ඉන්පසු ඉම්රාන් පාන්ඩියන් නමින් තවත් මිසයිල බළකායක් ද පිහිටුවනු ලැබීය. 2009 මැයි 18 දා කොටි පරාජය වන විට ඩොලර් ලක්‍ෂ 22 ක් වටිනා සෑම් මිසයිල 20 ක් ද යාපනය අර්ධද්වීපයේ සතුව ස්ථානයක් පෙන්නුම් කරන සිතියම් 60 ක් සොයා ගැනීමට හමුදාවට හැකි විය.
ඇව්රෝ යානා දෙකට මිසයිල ප‍්‍රහාර එල්ලවීමෙන් 100 ක් මරුමුවට පත් වුවත් ගුවන් හමුදාව පාඩමක් ඉගෙන ගත්තේ නැත. 1995 වසරේ නොවැම්බර් 22 දා පලාලිහිදී ඇන්ටනෝව් 32 වර්ගයේ මගී යානාවකට ද මිසයිල ප‍්‍රහාරයක් එල්ල වී 63 ක් මරුමුවට පත් වූහ. ඉන්පසු 1996 ජනවාරි 22 එම් අයි 17 හෙළිකොප්ටර් යානාවකට ද මිසයිල ප‍්‍රහාරයක් එල්ල විය. එම ප‍්‍රහාරයෙන් 39 ක් ජීවිතක්‍ෂයට පත් වූහ.
වන්නි මෙහෙයුමින් පසු සිදු කරන ලද විමර්ශනවලදී සොයාගත් මිසයිල 16 න් 15 ක් ඉන්ලා නමින් හඳුන්වන රුසියානු මිසයිල බව හඳුනාගනු ලැබීය.
මේ අතර 1998 සැප්තැම්බර් 29 දා පලාලි සිට රත්මලාන බලා පැමිණෙමින් සිටි ඇන්ටනෝව් 24 ලයන් එයාර් මගී යානාවට ඉරණතිව් දූපත් අසලදී මිසයිල ප‍්‍රහාරයක් එල්ල විය. එහෙත් ගුවන් හමුදාව පැවසුවේ කාර්මික දෝෂයකින් එය කඩාවැටී ඇති බවයි.
බෙලරුස් නියමුවකු විසින් පදවනු ලැබූ මේ යානාවේ මගින් 50 ක් ගමන් කළේය. එහි දර්ශනි ගුණසේකර නමැති ගුවන් සේවිකාව ද කි‍්‍රස්ටියන් එඞ්වර්ඞ් නමැති ගුවන් සේවකයා සහ විජිත නමැති සේවකයා ද විය. යානාවේ සුන්බුන් මුහුදට වැටෙන අයුරු ඉරණතිව් ධීවරයන් දුටුවත් සිරුරු ලබාදීමට කොටි කි‍්‍රයාකළේ නැත. වන්නි මෙහෙයුමේදී ලයන් එයාර් යානාවට මිසයිල ප‍්‍රහාර එල්ල කළ කොටි ත‍්‍රස්තයන් දෙදෙනා සහ මිසයිල කොපුව ද සොයාගැනුණි.
ඉග්ලා මිසයිල ප‍්‍රහාරයකින් විනාශ වූ ලයන් එයාර් යානාවේ සුන්බුන් සොයාගනු ලැබුවේ 2018 වසරේදීය. අල්ලාගත් කොටි ත‍්‍රස්තයන් දෙදෙනා යානාවේ මගීන්ගේ සිරුරු වළ දැමූ ස්ථාන හෙළි කළත් එම ස්ථානයේ සිරුරු කොටස් තිබුණේ නැත. 1998 වසරේ සිදුවූ මෙම ලයන් එයාර් යානාව විනාශ කිරීම යුද අපරාධයක් ලෙස එවකට පැවති රජය ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත පැමිණිලි කළේ නැත.
එසේම 1999 දෙසැම්බර් 12 දා එම් අයි 24 ප‍්‍රහාරක හෙළිකොප්ටරය ද 2000 වසරේ පෙබරවාරි 17 දා බෙල් 212 හෙළිකොප්ටරය ද 2000 මැයි 28 එම් අයි 24 හෙළිකොප්ටරයද, 2000 සැප්තැම්බර් 19 දා නාගර් කෝවිල් ප‍්‍රදේශයේ දී තවත් එම් අයි 24 හෙළිකොප්ටරයක් ද, 2000 සැප්තැම්බර් 23 දා කොඞ්ඩියාර් බොක්ක ප‍්‍රදේශයේදී එම් අයි 24 හෙළිකොප්ටරයක් ද මිසයිල ප‍්‍රහාරවලින් විනාශ විය.
මෙම හෙළිකොප්ටර් විනාශවීම ගැන ගුවන් හමුදාව පැවසුවේ තාක්‍ෂණික දෝෂ නිසා සිදුවුවක් බවයි. මෙවන් පසුබිමක් මැද ඇව්රෝ යානා දෙකක් විනාශවීම ගැන පැවැත්වූ පරීක්‍ෂණය හමුවේ කරුණු දැක්වූ ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහ කොටි සංවිධානය මිසයිල ලබාගෙන ඇතැයි යන තොරතුරු කෙරේ විශ්වාස නොකළ බව පිළිගනු ලැබීය.
කොටි ඇව්රෝ යානා විනාශ කළ මුල් අවස්ථාව මෙය නොවේ. 1985 සැප්තැම්බර් 7 දා පලාලි සිට රත්මලාන ගුවන් තොටුපළට පැමිණි ඇව්රෝ යානාවේ මගීන් බැස ගිය පසු එය ශුද්ධ කරන ලෙස නියමු රොනී පෙරේරා නියෝග කළේය.
එම සමයේ ගුවන්යානාවල ගෙන එන භාණ්ඩ පරීක්‍ෂාවට ලක් නොවේ.යානාව ශුද්ධ පවිත‍්‍ර කිරීම සඳහා පැමිණි සේවකයා යානාවට ගොඩවූ අවස්ථාවේ එකවරම පිපිරීමක් ඇතිවිය. මේ පිපිරීම සිදුවූයේ යානාවේ මැද කොටසෙනි.
ඒ සමගම රොනි පෙරේරා සහ පේද්‍රිස් යන නියමුවන් දෙදෙනා ද ශුද්ධ පවිත‍්‍ර කරන්නා ද යානාවෙන් පැන ගත්හ. මෙම පිපිරීම පාලක මැදිරිය විසින් ගිනි නිවන ඒකකයට දැනුම්දෙනු ලැබීය. එහෙත් ගිනි නිවන ඇඳුම් අල්මාරියක දමා වසා තිබූ නිසා යානාව අසලට ගොස් ගින්න නිවීමට නොහැකි විය. ගිනි නිවන යන්ත‍්‍රයේ තිබූ ජල බටයෙන් ජලය කාන්දු වීම නිසා ගින්න නිවීම ද දුෂ්කර විය.
රත්මලාන ගුවන් තොටුපළේ් පැවති මේ අයහපත් තත්ත්වය නිසා රජය වහාම ගිනි නිවන හමුදා ප‍්‍රධානියාගේ සේවය නතර කළේය.
මේ අතර සති කීපයකට පසු ඇව්රෝ යානාවේ මගීන් අතර සිටි බෝම්බය ඇටවූ දෙදෙනා යයි සැක කර ද්‍රවිඩයන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබූ අතර මාස කීපයක සිරදඬුවම් නියම වී නිදහස් විය.
එහෙත් ඇව්රෝ යානාවේ බෝම්බය ඇටවූ තැනැත්තා චෙල්ලයියා කුලසේකරම් හෙවත් කුලම් යයි පසුව හෙළිවිය. ඔහු ඒ වන විට මෙරටින් ස්විස්ටර්ලන්තයට පැන ගොස් තිබිණි.
ඇව්රෝ යානාව පිපිරවීම නිසා ස්විස් ද්‍රවිඩයන් ඔහුට ඇව්රෝ කුලම් යයි නමක් පටබැඳ තිබිණි. මේ අතර සී ආර්. 835 චාලි නමැති මුල්ම ඇව්රෝ යානාව පලාලිහිදී විනාශ වීමෙන් පසු පලාලි හි හමුදා ප‍්‍රධානියා ගුවන් හමුදා මූලස්ථානයට හදිසි පණිවුඩයක් යවමින් කොටි සංවිධානය ඇව්රෝ යානාව විනාශ කළ බව දක්වන ගුවන් විදුලි පණිවුඩයක් හමුදා සංඥා බළකාය විසින් අසුකරගත් බව දන්වනු ලැබීය. එහෙත් එම පණිවුඩය ගැන ගුවන් හමුදා බලධාරීහු තැකීමක් කර නැති බව පරීක්‍ෂණ කමිටුව හමුවේ හෙළිවිය.ඇව්රෝ යානා දෙකකට මිසයිල ප‍්‍රහාර එල්ල වන අවස්ථාවේ ගුවන් හමුදාව කොටින්ට එරෙහි යුද්ධයේ බරපතළකම ගැන තැකීමක් කර නැතැයි රජයට ද තහවුරු විය.
මෙම සමයේ වැඩ බලන ආරක්‍ෂක ඇමැති ලෙස කටයුතු කළේ අනුරුද්ධ රත්වත්තේය. ඔහු ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවුවත් ජනාධිපතිනිය ශී‍්‍ර ලංකාවේ නොසිටීම නිසා කොටින්ට එරෙහිව විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට ආරක්‍ෂක ප‍්‍රධානීන් අකමැති වී ඇත.
ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි වූ ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහ පලාලිහිදී සිදුවූ ඇව්රෝ යානාවේ විනාශයෙන් මියගිය අයගේ සිරුරු අලූයම් කාලයේ පලාලි සිට අනුරාධපුරය වෙත ගුවන් ගමන් තුනකින් ගෙන ආ බවත් එම ගුවන් ගමන්වලට කොටි ප‍්‍රහාර එල්ල නොවූයේ රත්මලානේ සිට පලාලි වෙත එන යානාවක් කොටි ඉලක්කය වීම නිසා යැයි පවසා තිබේ.
ඇව්රෝ යානාවලට සහ එම් අයි 24 ප‍්‍රහාරක හෙළිකොප්ටර්වලට සහ ඇන්ටනෝව් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමෙන් වසර ගණනකට පසු රජය ගුවන් යානා නාශක මිසයිල වලක්වාලන ප්ලේයාර්ස් නමින් හඳුන්වන මිසයිල ඉලක්ක වෙනස් කර ආලෝක ධාරා ලබාගෙන ඇත.
එය අශ්වයා පැන ගියාට පසු ස්ථාලය වසා දැමීක් වැනිය. මේ අතර ඇව්රෝ යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමට පැය 24 කට පෙර එනම් 1995 අපේ‍්‍රල් 27 දා ලන්ඩන් නුවර බී බී සී සේවාවේ තමිල් ඕපායි ද්‍රවිඩ ඒකකයේ ආනන්දි සුර්යප‍්‍රකාශම්ට යාපනයේදී ප‍්‍රභාකරන් හමුවී සාකච්ඡා කිරීමට චන්ද්‍රිකා කුමාරතුංග රජය ඉඩ දුන්නේය. ඔහු එහිදී මෙලෙස පවසා ඇත.
අපි ඉවසුවා හොඳටම ඇති සටන ආරම්භ කළේ ඒ නිසයි.
අපේ‍්‍රල් 27 දා ප‍්‍රභාකරන් කළ මේ අනතුරු ඇගවීම ගුවන් හමුදාව බැ?රුම් ලෙස අවබෝධ කරගත්තේ නැත. එසේම බී බී සී ද්‍රවිඩ සේවය ඔස්සේ ප‍්‍රභාකරන් කළ ප‍්‍රකාශයට ගුවන් හමුදා බලධාරීන් සවන් දුන්නේ ද යන්න වාර්තා වී නැත.
බී බී සී සේවාවට මෙම ප‍්‍රකාශය කර පැය 24 කට පසු ප‍්‍රභාකරන් ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කළේය.
කීර්ති වර්ණකුලසූරිය
Source - දිවයින