May 03

විවාහ මගුලේ වියදම අසරණයන්ට කැප කළ අපූරු නව යුවල


කොවිඞ් - 19 හෙවත් කොරෝනා වෛයිරසය ලෝකවාසී ජනතාවට අහිමිකළ දෑ බොහෝය. එයින් සමරහක් ඒවා මිල කළ නොහැකි යළි කිසිදා ලබාගත නොහැකි ඒවාය. ඒ අතරට වටිනා මිනිස් ජීවිත මෙන්ම මිනිස් සිතුම් පැතුම්ද ඇතුළත්වේ. මෙවැනි තත්ත්වයක් මත බහුතරයක් තම සිතුම් පැතුම් ඉටුකර ගැනීමට නොහැකිවිම නිසා පසුතැවෙති. දුක්වෙති. තවත් පිරිසක් ඉටුකර ගත නොහැකි සිතුම් පැතුම් හමුවේ දුක්නොවි එය තමන්ටම ආශිර්වාදයක් කරගනිති. මෙම කථාවද එවැන්නකි.

මාතර මාලිම්බඩ පදිංචි දර්ශන කුමාර සහ පවනි රසාංගී යන දෙදෙනා පෙම්වතුන්ය. මොහුන් පෙම්වතුන් බවට පත්වුයේ දැනට වසර කිහිපයකට පෙරයි. කුරා කුහුඹියෙකුටවත් වරදක් නොකරන මෙම දෙපළ ආගම දහමට ලැදිව ධාර්මික ජීවිතයක් ගත කළහ. එම නිසා නිවැසියන්ට අමතරව ප‍්‍රදේශවාසින්ද මොහුනට විශේෂ ලෙන්ගතු කමක් දැක්වුහ.

නිසි කාලය පැමිණිමත් සමග ඔහුන් දෙදෙනා තම පේ‍්‍රම සම්බන්ධතාවය දෙමාපියන්ට පැවසුහ. දෙදෙනා පිළිබදව සොයා බැලූ පසු කියන්න කිසිම වරදක් නොතිබුණි. එම නිසා දෙපාර්ශවයේම වැඩිහිටියන් එම පේ‍්‍රම සම්බන්ධතාවයට කැමති වුහ.

දේපාර්ශවයේම ආශිර්වාද ලැබීමත් සමග මොවුහු විවාහ වීමට තීරණය කළහ. ඒ අනුව ඔහුන් වසරකට පමණ පෙර සිට තම විවාහ උත්සවයට සුදානම් විය. පළමුව ඔහුන් තම කේන්දර ජ්‍යෙතිෂවේදීයකු ලවා පරික්ෂා කර ගත්තේය. එහිදී පොරොන්දම් හොදට ගැලපෙන බව එම ජ්‍යෙතිෂවේදීයා පැවසීය. ඒ අනුව පොරුවේ චාරිත‍්‍ර සිට සියලූම නැකැත් ඒ ජ්‍යෙතිෂවේදීයා ලවා සකසා ගැනීමට ඔවුහු වග බලා ගත්හ.

මංගල උත්සවය පැවැත්විමට නියමිතව තිබුණේ අපේ‍්‍රල් මස 27 වැනිදාය. එම නිසා එයට මාස හතරකට පහකට පමණ පෙර සිට මංගල උත්සවයට අවශ්‍ය සියලූ දැ දෙපාර්ශවයේම උදවිය ලක ලැහැස්ති කර ගත්හ. දර්ශන කුමාර සහ පවනි රසාංගී දහසක් බලාපොරොත්තු සහිතව ඇගිලි ගනිමින් සිටියේ එම දිනය උදාවන තුරුය.

2020 වසර උදාවි මාස දෙකක් පමණ ගත විය. ඒ වන විට ලෝකයේ රටවල් කිහිපයක මිනිස් ජිවිතවල දෛනික කි‍්‍රයාකාරකම් කොරෝනා වෛරසය නිසා අඩපණවී තිබුණහ. එහෙත් ශ‍්‍රී ලංකාවට එවැනි දෙයක් වේයැයි කිසිවෙකුත් සිතුවේ නැත. එම නිසා දර්ශන කුමාර සහ පවනි රසාංගීද ඒ ගැන එතරම් තැකිමක් කළේ නැත.

මාර්තු මාසය වන විට මෙරටින්ද කොරෝනා රෝගීන් වාර්තාවිය. එන්න එන්නම එම රෝගීන් සංඛාව වැඩි වන්නට පටන් ගත්තේය. එමනිසා එය පාලනය කිරිම සදහා එම මස 20 වැනිදා සිට රජය විසින් ඇදිරි නීතිය පනවන ලදී. මිනිසුන් සිතුවේ දවස් කිහිපයකින් පමණ එම ඇදිරි නීතිය ඉවත් කරයි කියාය. එහෙත් එසේ සිදු නොවුණි. ඒන්න එන්න කොරෝනා ආසාධිතයින් වැඩි වීමත් සමග ඇදිරි නීතියද දික් ගැසුණි.

අපේ‍්‍රල් මසද උදාවිය. ඇදිරි නීතිය තවමත් එලෙසය. ඒ අනුව නිරෝධායන නීතියද රට තුළ කි‍්‍රයාත්මක විය. ඒ අනුව රට තුළ පැවැත්විමට ගිය උත්සව සියල්ලම පාහේ අවලංගු කෙරුණි. ඒ අතරට මංගල උත්සවද ඇතුළත් විය. විවාහ විමට සිටි බොහෝ දෙනෙක් දින නියමයක් නොමැතිව තම මංගල උත්සව කල් දැමුහ.

නිසැකවම තම විවාහ මංගල උත්සවය පැවැත්වීමට නොහැකි බව දර්ශන කුමාර සහ පවනි රසාංගී දැන ගත්හ. ඒ අනුව කරන්නේ කුමක්ද කියා ඔවුහු දස අතේ කල්පනා කළහ. අවසානයේ ඔවුහු ස්ථිර තීරණයකට පැමිණියහ. ඒ මොනම හේතුවක් නිසාවත් විවාහ මංගල උත්සවය කල් නොදමන බවයි.

නියමිත දිනය උදාවිය. පවනි මනාලියක් ලෙස සැරසුණාය. දර්ශන මනමාලයකු ලෙස සැරසුණි. නියමිත වෙලාවට නැකැත් චාරිත‍්‍ර සිදු කෙරුණි. එහෙත් ඒ සදහා සහභාගි වුයේ නිරෝධායන නීතියට අනුව දේපාර්ශවයෙන්ම ඉතා සුලූ පිරිසකි. එම පිරිස දහයකටත් අඩුය. ඒ අනුව ඉතාමත් චාම් ලෙස ඔවුහු මංගල උත්සවය අවසන් කළහ.

මංගල උත්සවයෙන් පසු සිදුවුයේ කවුරුත් නොසිතු දෙයකි. මනාල යුවළ වියළි ආහාර දව්‍ය රැගත් පාර්සල් රැගෙන දුෂ්කර ගම්මානයක් වෙත ගියහ. එලෙස ගොස් එහි සිටි අහිංසක ජනතාවට එම ආහාර දව්‍ය බේදා දුන්නහ. ඒ අතර මනමාලිය සෙල්ලම්බඩු පාර්සලයක්ද රැගෙනවිත් තිබුණි. ඒවාද හැකි අයුරින් ඇය එම ගම්මානයේ වෙසෙන කුඩා ළමුන්ට බේදා දුන්නාය. ඔහුන් මෙම පුණ්‍ය කි‍්‍රයාව සිදුකර තිබුණේ විවාහ මංගල උත්සවය සදහා වියදම් කිරිමට වෙන්කර තිබු මුදල් වලින්ය.

රට තුළ ඇතිවි තිබෙන ව්‍යසනකාරි තත්ත්වය තුළ එම යුවළ කළ මෙම ක‍්‍රියාව මේරටට පමණක් නොව ලෝකයටම ආදර්ශවත් උතුම් කි‍්‍රයාවකි. මේ පිළිබදව එම මනාල යුවළ පවසා තිබුණේ මෙවැනි අදහසකි.

‘‘අපි අපේ විවාහ මංගල උත්සවය උත්සව ශාලාවක ජයමට ගන්න සැලසුම් කරලා තිබුණ අවස්ථාවේ තමයි කොරෝනා වෛරසය මෙරට පැතිරෙමින් ඉතා අවදානම් තත්ත්වයක් මතුවුණේ. ඒ නිසා අපිට උත්සව ගන්න අවස්ථාවක් නොවෙයි මේක. ඒත් අපේ චාරිත‍්‍ර අනුව විවාහය සිදුකරලා , අප ප‍්‍රදේශයේ පිඩාවට පත් ජනතාවට යම් උපකාරයක් කරන්න ගත්ත තීරණය අනුව තමයි මේ පරිත්‍යගයන් සිදුකළේ. එයින් ඇත්තටම අපි දෙන්නට උත්සවයක් ගත්තට වඩා වැඩි සතුටක් ලබන්නට හැකිවුණා.’’

ගයාන් සමරසිංහ
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.