May 03

කොරෝනා කරදර අස්සේ මී උණ වැළදී මිය ගිය නාවික රණවිරුවාගේ කතාව


ශ්‍රී ලංකා නාවික හමුදා සෙබලූ මෙරට පැවති කුරිරු යුද්ධයේදීත්, විවිධ අවස්ථාවලදී රට තුළ සිදුවු ව්‍යසනකාරි තත්ත්වයන් හිදීත් තම ජීවිතය දෙවැනි කොට, නොබියව එඩිතරව මුහුණ දුන්හ. තම සේවය උපරිමයෙන්ම සිදු කළහ. කොවිඞ්-19 නොහොත් කොරෝනා වසංගතය හමුවේදීත් ඔහුන් තම සේවය රට ජාතිය වෙනුවෙන් සිදු කළේ එලෙසින්ය. එමනිසා ජනතාව එම විරෝධාර සෙබලූන්ට සැලකුවේ දෙවියන්ට මෙන්ය.

කොතනකදී හෝ සිදුවු සුලූ වැරදිමකින් නාවික හමුදා සෙබළෙකුටද කොරෝනා වෛයිරසය වැළදී තිබුණි. ඔහුගෙන් තව නාවික හමුදා සෙබලූ කිහිපදෙනෙකුට එම වෛරසය බෝවී තිබුණි. එම සෙබලූන්ගෙන් තවත් සෙබලූන්ට සහ භාහිර පුද්ගලයන්ටත් මෙම වෛරසය පැතිර ගියහ.

අවසානයේ නොසිතු ලෙස එය පැතිර ගියේය. එයින් බෙහාහෝ මිනිස්සු කුපිත වුහ. එමනිසා දෙවියන්ට මෙන් සැලකු නාවික හමුදා සෙබලූන්ට සතුරන්ටත් වඩා අන්ත ලෙස සමහර මිනිස්සු සැලකුහ. එම විරෝධාර සෙබලූන් ගැන විවිධ කටකතා පැතිරවුහ.

එය එසේ වෙද්දී වැලිසර නාවික හමුදා කදවුරේ රාජකාරි කළ විරෝධාර නාවික හමුදා නිලධාරියකු මිය ගියේය. කෙළෙහි ගුණ නොදත් සමහර ජනයා ඒ මරණය ගැන විවිධ කට කථා පැතිරවුහ. සමහරු කීවේ එම නාවික හමුදා නිලධාරියා කොරෝනා වෛරසම සෑදි මිය ගිය බවයි. එහෙත් සත්‍ය එය නොවේ. එම නිලධාරියා මිය ගියේ මී උණ නැමැති රෝගය වැළදීම නිසාය. පහතින් පෙල ගැසේන්නේ එම විරෝධාර නිලධාරියාගේ ජීවිත කථාවයි.

සුනිල් බණ්ඩාර දොඩම්වල තරුණයා ගලෙන්බිදුණුවැව ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. සුනිල් කුඩා කළ සිටම ඉතා දක්ෂ ළමයෙකි. එම ප‍්‍රදේශයේම පාසලක ඔහු අධ්‍යාපනය හැදැරුවේය. අධ්‍යපන කටයුතුවලට මෙන්ම විෂය භාහිර කටයුතුවලටද සුනිල් එකසේ දස්කම් දැක්වුවේය.

පන්තියේ දක්ෂතම සිසුන් අතර සුනිල් සිටියේ පෙරමුණේය. පාසල් විවාද කණ්ඩායමේ නායකයා වුයේ ඔහුය. අසළ ගම්හතකවත් ඔහු සමග විවාද කිරිමට සමතෙක් නොසිටියේය. එලෙසම මළල ක‍්‍රීඩා තරගවලදී පවා සුනිල් සිටියේ ඉදිරියෙන්ය. තවද ඔහු ගායකයෙකි. දක්ෂ පාපන්දු කි‍්‍රීඩකයෙකි. එම දක්ෂතා නිසාම සුනිල් පාසලේ සිසු සිසුවියන් සහ ගුරුවරුන් අතර ජනප‍්‍රිය චරිතයක් බවට පත්විය.

එලෙස කාලය සුපුරුදු පරිදි ගෙවි ගියේය. සුනිල් උසස් පෙළ විභාගයට පෙනී සිටියේය. එය ඔහු උසස් ලෙස සමත් විය. සරසවි වරම් පවා ඔහුට හිමි විය. ඒ අනුව ඔහු සබරගමුව විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.

සිව් වසරකට පසු ඔහු සරසවියෙන් පිට විය. ඒ උපාධිධාරියකු ලෙසින්ය. ඔහුගේ සරසවි මිතුරු මිතුරියෝ විවිධ රැකියාවන් වල නිරත වුහ. එහෙත් සුනිල් රැුකියාව වශයෙන් තොරා ගත්්තේ ආරක්ෂක අංශයයි.

දෙමාපියන්ගේ ආශිර්වාද මත 2008 වර්ෂයේ ඔහු නාවික හමුදාවට බැඳුණි. ඒ බලලත් නිලධාරියකු ලෙයසි. එම කණ්ඩායමේ සිටි ලාබාලතම සාමාජිකයා සුනිල්ය. වයසින් අඩුවුවත් ඔහුගේ දක්ෂතාවල කිසි අඩුවක් නොතිබුණි. පාසල් ජිවිතයේ මෙන්ම නාවික හමුදා පුහුණු කණ්ඩායම තුළද සුනිල් කැපී පෙනෙන චරිතයක් විය. පුහුණුව ලැබු අනෙක් සගයන් ඔහුව හැදින්වුයේ ‘‘පීරා’’ යන අන්වර්ථ නාමයෙනි.

මාස හයක පමණ පුහුණුවකින් පසු සුනිල් නාවික හමුදාවට බැදුණි. ඒ උප ලූතිනන් වරයකු වශයෙන්ය.

නාවික හමුදාවට බැදුණු පසු ඔහු තම සේවය රට වෙනුවෙන් උපරිම ලෙස ඉටු කළේය. මොනම හේතුවක් මතවත් ඔහු දශමයකටවත් මග හැරියේ නැත. එම නිසා නාවික හමුදාවේ ඉහළ නිලධාරින් පවා ඔහු ගැන පැහැදණේය.

නාවික හමුදා නිලධාරියකු වු පමණින් ඔහු ඔලූව උදම්මවා ගත්තේ නැත. නිවාඩුවට ගමට ගිය පසු ඔහු ගැමි තරුණයකු ලෙසින් හැසිරුණේය. වෙනදා මෙන් ගමේ හිත මිතුරන් සමග සතුටු සාමාචීයේ යෙදුණේය. ගමේ ගැටව් සමග සෙල්ලම් කළේය. පොදු වැඩ කටයුතුවලදී වෙනදාටත් වඩා උදව් පදව් කළේය. එම නිසාමදෝ කොහෙද ගම්මු වෙනදාටත් වඩා ඔහුට ආදරය කළහ.

ගම්මුන්ට එසේ සලකද්දී ඔහු තම පාසල් සහ සරසවි මිතුරන්වද අමතක කළේ නැත. කොතරම් කාර්ය බහුල වුවත් හැකි උපරිම අයුරින් ඔහුන් සමග සබදතා පවත්වාගෙන ගියේය. ඔහුන්ගේ අත්‍යවශතා වෙනුවෙන් වෙනදා මෙන් පෙනී සිටියේය. ඒ ඔහුගේ හැටිය. එම නිසා මිතුරන්ද දැඩි ලෙස ඔහුට ආදරය කළේය.

සුනිල්ට විවාහ විමට නිසි වයස පැමිණියේය. කලක් ඇසුරු කළ තම පෙම්වතිය වන මේනකා සමග දේපාර්ශවයේම ආශිර්වාද මැද ඔහු විවාහ විය. ඉතා සුන්දර යුවතියක් වු ඇය පෙර ආත්මයන්හීද සුනිල්ගේ ආදරණිය බිරිද වන්නට ඇත. ඒ තරම්ම ආදරයක් සහ අවබොධයක් දෙදෙනා අතර තිබුණහ.

විවාහයෙන් මාස කිහිපයකට පසු ඔවුහු දරු සුරතල් බැලූහ. ඒ එක් දරුවකුගේ නොව දරු දෙදෙනෙකුගේය. ඔහුන්ගේ කැදැල්ලට නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු එකතු විය. දැන් ඔහුනට කිසි අඩුවක් නොමැත. අන් අයටත් ආදර්ශයක් වෙමින් ඉතා සතුටින් ඔවුහු පවුල් ජිවිතය ගත කළහ. ලද සැම මොහොතකම ආදරණිය බිරිද සහ දරු දෙදෙනා බැලීමට ඔහු ගලේන්බිදුණුවැව තම ගමට පැමිණියේය.

සුනිල් ඒ වනවිට නාවික හමුදා මුලස්ථානයට අනුයුක්තව සේවය කළේය. ඒ ලූතිනල් කොමාණ්ඩර් කෙනෙකු ලෙසින්ය. කොතරම් කාර්ය බහුල වුවත් ඔහු අධ්‍යපන කටයුතු අතහැරියේ නැත. උපාධියෙන් පසු ඔහු කොළඹ සරසවියේ කලමනාකරණ අධ්‍යන අංශයේ මානව සම්පත් පශ්චාත් උපාධිය හදාරා එයද ලබා ගත්තේය. එයින්ම සුනිල් සැම අංශයකටම කොතරම් දක්ෂයකුද කියා හැගේ.

කලක් යද්දී සුනිල්ට වකුගඩු ආශ‍්‍රිතව රෝගයක් සැදුණි. ඒ සදහා ඔහු ප‍්‍රතිකාර පවා ලබා ගත්තේය. එම කාලය අතර තුර කොරෝනා වසංගතය ද මෙරට පැතිරෙමින් තිබුණි. ඒ වසංගතය මෙරටින් තුරන් කිරිම සදහා විරෝධාර නාවික හමුදා සෙබලූන්ද විශාල කාර්ය භාරයක නිරත වෙමින් සිටියහ. ලූතිනල් කොමාණ්ඩර් සුනිල්ද ඒ අතර විය.

පසුගිය සතියේ දිනක ලූතිනල් කොමාණ්ඩර් සුනිල්ට උණ රෝගය වැළදී තිබුණි. වෙනදා සුනිල් එවැනි රෝගයක් සත පහකටවත් ගණන් ගන්නේ නැත. එහෙත් වර්තමානයේ පවතින තත්ත්වයත්, නාවික හමුදා සෙබලූන් පිරිසකට කොරෝනා වසංගතය සැදි ඇති නිසාත් ප‍්‍රතිකාර ගැනිම සදහා ඔහු නාවික හමුදා මහ රෝහලට ඇතුළත් විය.

එහිදී වෙද්‍යවරු ඔහුව පරික්ෂා කළහ. ඒ අනුව ඔහුන් නිගමනය කළේ මොහුට මී උණ සෑදි ඇති බවයි. ඒ සදහා අවශ්‍ය සියලූම ප‍්‍රතිකාර වෙද්‍යවරු ඔහුට සිදු කළේය. එහෙත් පලක් නොවිය. පසුගිය 25 වැනිදා ලූතිනල් කොමාණ්ඩර් සුනිල් තමා ආදරය කරන බිරිඳ, අවුරුදු දෙකහමාරක් වයසැති දරු දෙදෙනා සහ දෙමාපියන් ඇතුලූ සියලූ හිත මිතුරන් ගෙන් සමුගෙන නොසිතු මොහොතක මරු තුරුළට ගියේය.

මී උණ රෝගය නිසා නොසිතු මොහොතක මියගිය විරෝධාර නාවික නිලධාරි ලූතිනල් කොමාණ්ඩර් සුනිල් බණ්ඩාර දොඩම්වල ඔබගේ වියොවෙන් පවුලේ ඥාතීන් පමණක් නොව සමස්ථ රට වැසියන්ම පාහේ කම්පාවට පත් වුහ.

මළ හිරු බැස යන සැන්දැවක, නාවික හමුදා උත්තමාචාර වෙඩි හඩ මැද්දේ නිරෝධායන නිතීයට අනුව ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධාර නාවික නිලධාරි ලූතිනල් කොමාණ්ඩර් සුනිල් බණ්ඩාර දොඩම්වල ඔබගේ නිසල සිරුර භූමදානය කෙරුණි.

විරෝධාර නාවික නිලධාරි ලූතිනල් කොමාණ්ඩර් සුනිල් බණ්ඩාර දොඩම්වල මියගිය පුවත කණ වැකුණු පසු ඔහුගේ හිත මිතුරන් මුහුණු පොතේ තැබු සටහන් කිහිපයක් පහතින් මෙලෙස පෙළ  ගස්වන්නෙමු.

කොළඹ විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නලීන් අබේසේකර - ‘‘අපේ විවෘත විශ්ව විද්‍යාලයේ කලමනාකරණ අධ්‍යන අංශයේ මානව සම්පත් පශ්චාත් උපාධිය හැදෑරූ හොද ශිෂ්‍යයෙක්. සුන්දර මිනිසෙක්. සෑම මොහොතකම ලස්සන හිනාවක් එක්ක කාට හරි උපකාර කරන්න අමතක කළේ නැහැ. අවසාන වර මම කථා කළේ ගිය මාසේ. මට නවතින්න ත‍්‍රිකුණාමලයේ තැනක් සොයන්න. ඒකට මට ගොඩක් උදව් කළා. මල්ලී උඹට නිවන් සුව.’’

රජීව දිලූක්ෂාන් නිමලසේන - ‘‘ මේක නොලියා බැරි නිසා ලියන්න හිතෙනවා. පීරි උඹයි සෝලයි අපි බොරුවට රණ්ඩු වෙලා මගේ කකුලේ ඇගිල්ල තුවාල වුණා. පීරා උඹ සෝලා, ටිනා සහ හිපියා එක්ක එකතු වෙලා මාව කරේ තියන් දිවුවා පඹහින්න රෝහලට. ඇගිල්ල තාමත් කොටයි. එත් ශාන්ත බණඩාරෙට ආපහු ආවේ සිංදු කිය කිය. එතකොටත් මම උබගේ කරේ. අපි සිරි මැදුර කාන්තා හොස්ටල් එකේ නමත් වෙනස් කෙරුවා සිර මැදුර කියලා. අපිි ශිෂ්‍ය සංගම්වල ඉන්නකොට කරපු දඩබ්බර වැඩ මතකයි. ඒ ඔක්කොම උබගේ දක්ෂතා වලින් හැංගිලා ගිහින් තිබුණේ. උඹ ආදරණියයි. එත් නුඹ යන්න ගිහින් සුබ ගමන් මිත‍්‍රයා.’’

ඉක්ම් ශ්‍යම් - ‘‘ දයාබර දොඩම් අයියා, ඔබට අජරාමර නිවන් සුව​...!!! නිරෝධායන නීතීන්ට අනුකූලව හා නාවික හමුදා ගෞරව සහිතව අවසන් කටයුතු කිරීමට සැලසුම් ’’

බෙන් සිතාරේ - ‘‘ පීරා, ගිහින් එන්න සහෝදරයා..

අපි ආයෙත් දවසක හමුවෙමු. අතිදක්ෂ ඔබේ නිවේදක හඬින් හඳුන්වා දෙද්දී ගීයක් ගයන්නට එන්නම් සරසවියේ දී එදා වගේම..

නේව් එකේදි දැක්ක හැම තැනකම උඹ මගේ ළඟට ඇවිත් කතා කරල ගියේ කැම්පස් ෆිට් එකට. එක බැච් එකේ එකට ඉගෙන ගත්ත යාළු කමට. මාසෙකට විතර කලින් දවසක මට දුරකථනයෙන් කතා කළා මට ඇතිවූ රාජකාරී ප‍්‍රශ්නයක් කොහෙන් හෝ දැනගෙන ඒ ගැන සොයා බලන්නට. උදව්වක් අවශ්‍යනම් මට උදව් කරන්නට. උඹ නේවි එකේ කොච්චර ලොකු තැනක හිටියත් ඒ උඹේ මනුස්සකම. මාස 6 කට විතර කළින් මට උඹව හමුවුණා භ්ඍ් එකේදි. උඹේ ලොකු මහත්තය ඉද්දිම මං වෙනුවෙන් නැවතිලා උඹ ගියේ අත අල්ලල කතා කරල. මට කතා කළා තේ පැයේදි තේ බොන්න උඹෙ ඔෆිස් එකට එන්න කියලා. ඒත් එදා මට උඩට එන්න බැරිවුණා උඹත් එක්ක ඒ තේ එක බොන්න. හොඳ මිනිස්සු ඉක්මනට යන්න යනවා. අවුරුදු 36ත් වයසක් ද? ගණන් හදලා බලද්දී අපේ මිත‍්‍රත්වය අවුරුදු 16ක්.

එන්න බැරිවේවි උඹත් එක්ක අවසාන පෙළපාලිය යන්නට. උඹට අවසන් හස්ථ ආචාරය දක්වන්නට. සමාවෙයන් අපිට. මේ මහා ව්‍යසනය නොතිබුණා නම් සුදු පාට නිළ ඇඳුම් බොහෝමයක් පැමිණේවි උඹත් එක්ක අවසාන පෙළපාලිය යන්නට. කැම්පස් එකේ වගේම නේවි එකෙත් උඹ ගොඩාක් අයට උදව් කළ, සහෝදරත්වය පිරුණු හිත හොඳ මනුස්සයෙක් නිසා.

උඹ ගියාට මතකය හැමදාමත් තියේවි. සුබ ගමන් මිත‍්‍රයා. සුබ ගමන් ලූ‍තිනන් කමාණ්ඩර් සුනිල් දොඩම්වල නිළධාරියාණෙනි..’’

දේශාන් කරුණාරත්්න - ‘‘ආදරනීය දොඩං...

අනිත් හැම ප‍්‍රවෘත්තියක් වගේම දොඩං අප අතරින් වෙන් වෙලා ගිහින් කියල දැනගත්තෙත් මූනු පොතෙන්..

ඉස්කෝලෙ යන කාලේ අපි ් පන්තියෙ ඉන්නකොට දොඩම් හිටියෙ ඊ පන්තියෙ...

ඉස්කෝලෙ භාශාවෙන් කිවුවොත් ඒ දවස් වල ඊ පන්තිය රන් කලේ දොඩම්...

අපේ වසරේ ඉස්කෝලෙ හිටපු කැපී පේනම චරිතෙ දොඩම්.... වචනේ පරිසමාප්ත අර්තයෙන්ම කට ඇති පුතෙක් වුන දොඩම් එක්ක කථික තරඟ වලින් තරඟ කරල දිනන්න පුලූ‍වන් අය පලාතෙම හිටියෙ බොහොම ටික දෙනයි..

වචන තුන හතරක් කියල හැමෝම අවනත කරගන්න දොඩම්ට තිබුනෙ පුදුම හැකියාවක්.. ඒ හැකියාව නිසාම ආදි ශිෂ්‍ය සංගමේ, තරුණ  සංගමේ වැඩ හැමදේකම දොඩම් මුල්තැන අරං ඉන්නව මම දැක්කෙ මූනු පොතෙං...

ජීවිතේ පුරා අපි මූණ දෙන හමුවීම් වෙන්වීම් අතරේ දොඩම් ගැන මතකය හැමදාටම බොහොම වි⁣ශේෂම මතකයක් වේවි.

හිතා ගන්න අමාරු වුනත් දොඩම් යන්නම ගිහින්...

සුභ ගමන් මිත‍්‍රයා.....’’

ඉලංගකෝන් සුජි - ‘‘ 2008 සැත්තැම්බර් 12 වන දින අපි 25 දෙනා එකට ත‍්‍රිකුණමලය ඇකඩමියට ඇවිත් 2009 මාර්තු 07 එකට පාස් අවුට් වෙලා ගිහින් විවිධ තැන්වල රාජ කාරි කලත් අපට ප‍්‍රස්නයක් ආවිට විසදුවේ මැදිහත්වෙලා උබ මචන් මේ අවසන් දවස්ටිකේ උබ මට කල් උදවු මගෙ දරුවන්ට කල උදවු කෙසේ අමතක කරන්න ද ආයේ අකල් මරනයකට උබ පත්වෙන්න එපා කවදාවත්..’’

ගයාන් සමරසිංහ
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.