Aug
25
පැහැරගෙන මැරූ කෝටිපති ව්‍යාපාරිකයාගේ රහස් හෙලිව්‍ෙ
පසුගිය දිනක පැහැරගැනීමට ලක්වූ ව්‍යාපාරිකයාගේ
පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කර ඇත. අද (25) උදෑසන කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරී රම්‍ෙෂ් අලගියවන්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත.
මෙහිදී හෙලිව ඇත්තේ මියගිය පුද්ගලයාගේ හිසට මොට ආයුධයකින් කල තදබල පහරකින් ශරීර අභ්‍යයන්තර රුධිර වහනයක් හේතුවෙනි මරණය සිදුව ඇති බවයි. මෙම ව්‍යාපාරිකයා පැහැරගෙන පැයක් පමණ කාලයක් ඇතුලත මරණය සිදුකර ඇති බවද මරණ පරීක්ෂණ වලදී හෙලිව ඇත.
මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ පසුගිය 21 වනදා රාත්‍රියේය.සිරුර නැවත සොයාගෙන ඇත්තේ 24 වනදා රාත්‍රියේය.කෑගල්ල පොලීසියේ හා කොළඔ අපරාධ කොට්ඨාශය එක්ව පරීක්ෂන සිදුකරයි.