May 01

කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි


අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.

 ඊට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පවත්වා ගත යුතු බව සඳහන් කළේය. වෛරසය මර්දනයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත්වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳව පොදු ක්‍රමයෙන් බැහැරව සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති. ජනතාවගේ ද ප්‍රතිශක්තීකරණ වර්ධනයට දේශීය ඖෂධ මඟින් ලබාගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යනය කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

දේශීය වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. වෛරසය මර්දනයට එන්නතක් සොයාගන්නා තෙක් ඉන් මිදීමට මෙහි ඇති වැදගත්කම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පෙන්වා දුන්හ.

දැනටමත් වෛද්‍යවරු මෙන්ම වෛරසය මර්දනයට දායක වී සිටින ආරක්ෂක අංශ ඖෂධ දූමායනය මෙන්ම කැඳ පානය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බවද සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.

ආයතන පවත්වාගනෙ යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. නොකළ යුතු දෑ අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යා යුතුය. සියලු පාර්ශ්ව ඒ සඳහා වගකීමෙන් ක්‍රියාකිරීමට බැඳී සිටින බවද ජනාධිපතිතුමා පැවසීය.

ඇඳිරි නීති කාලසීමාවේදී ළමයින්ගේ මානසික සුවතාවය ආරක්ෂා වන අයුරින් වැඩිහිටියන් ක්‍රියාකිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දීර්ඝ ලෙස පෙන්වා දුන්නේය.

මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3%ක පිරිසකගේය. මෙය රජය ගෙන ගිය නිරෝධායන වැඩපිළිවෙළේ සාර්ථක පැතිකඩක් බව වෛද්‍යවරු පැවසූහ. තවදුරටත් පර්යේෂණ කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල රට තුල නිෂ්පාදනය කිරීම අරඹා ඇත. එය මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්කර ගත් සුවිශේෂි ජයග්‍රහණයකි. එම නිෂ්පාදන ප්‍රවර්ධනයට බලපාන අඩුපාඩු දැනුම් දෙන ලෙස ජනාධිපතිතුමා පැවසීය.

වෙ‍ෙළඳ පොලෙහි අලෙවි කිරීමට ඇති විෂබීජහරණයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද වෛද්‍යවරු ඉල්ලා සිටියහ. නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල භාවිතයට ගැනෙන විශේෂිත වූ ඇගළුම් කට්ටලවල ප්‍රමිතිය ද විමර්ශනය කරන්නැයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රාණී ජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිතුමා සහ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.