Sep
10
මහින්ද අගමැති ධුරයෙන් විශ්රාම යනවාද..?
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ 2022 වසරේදී තමන් අගමැති ධුරයෙන් විශ්රාම ගන්නා බව ද පැතිරෙන වාර්තා පදනමක් නැති බවයි.
වසර පහක කාලයක් සඳහා තමාව ජනතාව විසින් මහ මැතිවරණයේදී තෝරා ගන්නා ලද්දේ බවද ඔහු පැවසීය.
ඒ නිසා ඊට පෙර විශ්රාම යාමට තමන් කිසිදු අදහසට නැතැයිද ඒ මහතා කියා සිටී.
පසුගියදා ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ මහින්ද රාජපක්ෂ මහතා 2022 වසරේදී විශ්රාම යාම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.