Sep
10
13 හැවිරිදි දියණිය අපයෝජනය කල හිටපු හමුදා සෙබළ නරුම පියා
තම විවාහක බිරිඳ නිවසින් පිට රැකියාවේ නිරතව සිටියදී නිවසේ හුදෙකලාව පසුවූ 13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇය අඹුකමට ගත් හිටපු හමුදා භටයකු වූ නරුම පියා දැඩි ඇප කොන්දේසි මත රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.
13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ විත්තිකරු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ගොනු කළ අධිචෝදනා පත‍්‍රය අනුව මෙම විත්තිකාර පියා විසින් 2008 ඔක්තෝබර් මස 08 වැනි දින සිට 2008 දෙසැම්බර් මස 03 වැනි දින දක්වා කාලය තුළ දැරියගේ පියයුරු සිපගැනීම ඇතුළු බරපතළ ලිංගික අපයෝජනයට අවස්ථා ගණනකදී ලක්කර ඇත. එම ලිංගික අතවර සියල්ල විත්තිකරු විසින් තම දියණියට සිදුකර ඇත්තේ ඇය මරාදමන බවට තර්ජනය කර බව පැමිණිල්ලේ සඳහන් වේ.
අධි චෝදනා භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවේ පසුවූ විත්තිකරුට සුදුසු ඇපයක් නියම කරන ලෙසට විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ටී. කේ. ධර්මසේන මහතා විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ ඉල්ලීම මත විත්තිකරුට ඇප නියම විය. රජයේ අධිනීතිඥ ගයානි වෑගොඩපොල මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ටී. කේ. ධර්මසේන මහතා පෙනී සිටියේය.
විමල් කීර්ති - දිවයින