Sep
10
CCTV ව්‍යාජව නිර්මාණය කරපුවා. බන්ධනාගාරයේ පහසුකම් ප‍්‍රමාණවත් නැහැ - මන්තී‍්‍ර පේ‍්‍රමලාල්
“2001 වසරේ සිට 2020 වසර දක්වා මැතිවරණ 5 කට ඉදිරිපත් වෙලා මන්තී‍්‍රවරයකු ලෙස වරම් ලැබීමට හැකි වීම පිළිබඳ ජනතා විශ්වාසය මොනවට පෙන්නුම් කරනවා. අත්වල කුණු ගාගෙන මං දේශපාලනය කරල නැහැ. එදා සිටි අධිකරණ ඇමැති ප‍්‍රකාශ කර තිබුණා, ‘අහවලාව මං අනිවාර්යයෙන්ම එල්ලූම්ගස් යවනවා. බැරි වුණොත් වත්තෙ තේ දලූ කඩනවා කියලා.’
මා පිළිබඳව එකතු කරන ලද සීසීටීවී දර්ශන ව්‍යාජව නිර්මාණය කළ ඒවා බව කිව යුතුයි. ඒ පිළිබඳව පරීක්‍ෂණයක් සිදුකරන ලෙස රහස් පොලිසියෙන් මා ඉල්ලා සිටිනවා.
විපක්‍ෂ මන්තී‍්‍රවරු කළු පටි දාගෙන මෙතන විරෝධතා කළා. හැබැයි මගේ හිත දන්නවා මං නිර්දෝෂියි කියලා. දේශපාලනික වශයෙන් මෙවැනිදඬුවම්දිය යුතු නැහැ. මට දරුවන් හතර දෙනකු ඉන්නවා. එක දියණියක් ලබන වසරේ විවාහ වීමට නියමිතව සිටිනවා. පුතා ලබන මාසයේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒ අය මෙහි ගැලරියේ ඉඳන් මා දෙස බලා සිටිනවා. මගේ බිරිඳ, මගේ මෑණියන් ඉන්නවා.
අපේ සාමාජිකයන් හතර දෙනකු නැති කළා. ඒ සිද්ධීන් පිළිබඳවත් පරීක්‍ෂණ පවත්වන්න වැරදිකරුවන් නිදැල්ලේ ඉන්නවා. නිර්දෝෂීන්ව ඇතුළට දාලා තිබෙනවා.
බන්ධනාගාරයට ප‍්‍රවේශ වන තැන ‘සිරකරුවොත් මනුෂ්‍යයෝය’ කියලා බෝඞ් ගහලා තිබුණට එහි ඇතුළේ තිබෙන පහසුකම් කොහෙත්ම ප‍්‍රමාණවත් නැහැ. වැසිකිළි පහසුකම් ඉතා අල්පයි. සිරකුටිවල මීයන් දුවනවා.
අකිත පෙරේරා - දිවයින