Oct 27

මම මගේ ආගම වෙනස් කරගන්න තීරණය කළා


මාෂි මාෂි මාෂි අපෝ එයා ගැන නම් කියල වැඩක් නැහැ. ඇය ගැන ඔබට කියන්න ඇත්තේ එවන් වචන ටිකක් ද. මාෂි ඇතුළෙ සිටින ඇය හමු වූ විට ඇය ගැන කියන්න බොහෝ දේ ඇති බව හිතුණ. කාලෙකට පස්සෙ රංගන ක්ෂේත්‍රයට වෙනස් නමක් වෙනස් කෙනෙක්. මේ ඇය අපට කියූ කතාවයි.

සමීපතම අය සහ රසික රසිකාවියන් ඔබව හඳුන්නන්නෙ කෙලෙසද?

මම දිව්‍යශාරිකා ෆිගේරා. මගේ පවුලේ අය යාළුවො ක්ෂේත්‍රයේ අය මාව හඳුන්වන්නෙ දිව්‍යා කියල. මේ දවස්වල මගේ රසික රසිකාවියන් මට කියන්නෙ මාෂි කියල. ඒ සිහින සමාගමේ මම රඟපාන චරිතය නිසයි. සමහරු මාව දිව්‍යා කියන නමින් දන්නෙ නැහැ. එයාල මට කියන්නෙ මාෂි කියල. මම ඒකට කැමතිය.

දිව්‍යා මේ වන විට රඟපා තිබෙන වේදිකා හා ටෙළිනාට්‍ය මොනවද?

මට ටෙලිනාට්‍ය ගොඩක රඟපාලා නැහැ. මම වැඩියෙන්ම රඟපාලා තියෙන්නෙ වේදිකා නාට්‍යවල. එය සිදුවෙන්නෙ 2015 සිටයි. මධ්‍යම පළාත් නාට්‍ය උළෙලට මම නාට්‍ය පිටපතක් ලිව්ව. එම නිෂ්පාදනයේ හොඳම නිළිය විදිහට මට සම්මානයක් හිමිවෙනව. ඒ තමයි මගේ මේ ගමනෙ ආරම්භය. ඊට පස්සෙ මම කැලණිය විශ්විද්‍යාලයට ආවා මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා. විශ්විද්‍යාලය මගින් කළ ඇන්ටන් චෙකොෆ්ගෙ වලහ, කිලර්, ෆස්ට් ලව් ප්‍රියංකර රත්නායකගෙ රතු වෙස්මුහුණ ,විසේකාරියෝ අනුරාධ සුබසිංහගෙ ඉන්ද්‍රජාලික පෙම්වතිය, සංජීව ගුණරත්නගෙ ආදරවන්තයින්ගෙ පාර්ලිමේන්තුව යන වේදිකා නාට්‍යවල රඟපාන්න ලැබුණා. එහෙම කියල මාව ඒ තරම් පිරිසක් දැන හඳුනාගෙන හිටියෙ නැහැ.

දිව්‍යා ලැබෙන හැම චරිතයක් භාර නොගන්න නිළියකද?

කරපු චරිතයක් වගේ තවත් චරිතයක් කරන එක නම් වැඩක් නැහැ. රඟපානව කියල මට මුහුණ පෙන්නගෙන ඉන්න වුවමනාවක් නැහැ. රංගනය වැඩි දියුණු කරගන්න පුළුවන් චරිත ලැබෙනව නම් මම ඒ චරිතය කරනව. එකිනෙකට පරයා යන චරිත කරන්න මම කැමතියි.

දිව්‍යගේ අනාගත අරමුණ රංගන ශිල්පිනිය ?

පොඩිකාලෙ ඉඳන් මම විද්‍යාව අංශයට මාර ආසයි නමුත් මොකක්දෝ හේතුවක් නිසා මට නාට්‍ය හා රංගකලාව තෝරගන්න සිද්ධ වුණා. දැන් මම කැලණිය විශ්විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධියෙ හතර වන වසරයි ගෙවන්නෙ. නාට්‍ය හා රංගකලාව කියන්නෙ මම ඉගෙනගත්ත විෂය. මට නිළියක් කියන ලේබල් එක අවශ්‍ය නැහැ. අංග රචනය ගැඹුරින් ඉගෙන ගන්න මම කැමතියි.

ඔබේ උපාධිය අනුව නිළියක් වන එක ප්‍රමාණවත් නැහැ කියල හිතෙනව ද

අපි රංග කලාව වසර ගණනාවක් තිස්සෙ ඉගෙන ගත්තට හැම තත්පරයකම මේ ලෝකයේ කොතනක හරි නළුවෙක් නිළියක් බිහිවෙනව. මේකට එන්න අවස්ථා ඕනතරම් තියෙනව. සමාජ මාධ්‍ය හරහා පවා අද නිළියො බිහිවෙනව. නමුත් පැවැත්ම රැකගන්න එකයි වැදගත් වෙන්නෙ. මම මේක රැකියාව කරගන්න කැමති නැහැ.

දිව්‍යා ඉපදෙන්නෙ හැදී වැඩෙන්නෙ අධ්‍යාපනය ලබන්නෙ කොහෙද?

මගේ ගෙදර තියෙන්නෙ නුවර. මම ක්‍රිස්තියානි ආගමේ. මම අවුරුදු නවයක් අධ්‍යාපනය ලබන්නෙ. පහන ලක්පහන ඇඩ්වෙන්ටින් කොලේජ් ඇන්ඩ් සෙමිනරි. ඊට පස්සෙ මම හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයෙත් අවුරුද්දක පමණ කාලයක් අධ්‍යාපනය ලැබුව. මොකද මම මගේ ආගම වෙනස් කරන්න තීරණය කළ නිසා. ඊට පස්සෙ මම ඉගෙන ගන්නෙ මහනුවර මහාමායා උසස් බාලිකා විද්‍යාලයෙන්. ඉස්කෝලෙ කාලෙ මම පොත පත එක්කම හිටපු ළමයෙක්. මට නටන්න රඟපාන්න වගේ දේවල් බෑ කියල මගේ හිතේ තිබුණ. මම හීන මැවුවෙ හොඳ ඉසඩ් ස්කොර් එකක් අරගෙන කැම්පස් එන්න. මම ඒක ඉෂ්ට කරගත්තා මහනුවර දිස්ත්‍රික්යෙන් 45 වෙනිය විදිහටයි මම විශ්විද්‍යාලයට එන්නෙ.

පවුල ගැන කියන්න කැමැතිද?

මගෙ පවුලෙ ඉන්නෙ ආච්චියි අම්මයි මමයි නංගිල දෙන්නයි. අපේ ආච්චි තමයි පුංචි කාලෙ අපිව බලාගත්තෙ. දැන් අපි ආච්චිව බලාගන්නව. අම්ම තමයි මගේ පසුපසින්ම ඉන්න කෙනා. මගේ හැම නාට්‍යයක්ම විචාරයට ලක් කරන, දුව මේ දේ කරන්න එපා, මෙහම වෙන්න එපා, මේ ඇඳුම අඳින්න එපා කියමින් මාව අමුතු ආදරයකින් බලාගන්න කෙනා තමයි අම්ම.

දිව්‍යගේ ප්‍රේමයේ හිමිකාරය කව්රුන්ද?

පාසල් කාලෙ ප්‍රේමයක් ආසාවටවත් තිබිල නැහැ. කැම්පස් ආවට පස්සෙ මේකෙ ඉගෙන ගන්න දේවල් බොහොමයි. ඒත් මගෙ ඔළුවෙ ඉන්න කෙනා තවම මට හමුවෙලා නැහැ. දැන් මම කැම්පස් එකෙත් හතරවෙනි අවුරුද්දෙ. කාලය ගෙවෙනව. මමත් කෙනෙක් හොයනව. ගෙදරිනුත් බලනව. මොකද මට අවශ්‍ය නැහැ බොරුවට සම්බන්ධතා ඇතිකරගෙන දුක් විඳින්න. ඉවසීමෙන් ඉඳල හරිම කෙනා ආවහම මම සතුටින් ජීවත් වෙනව.

ධමිමිකා සුරංජි පතිරණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.