Oct
27
ත්‍රිකුණාමලය සම්ප්‍රේෂණ කුළුණු වලට දරුණු ප්‍රහාරයක්
ත්‍රිකුණාමලය ප්‍රදේශ කිහිපයක පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුළුණු දහසයක බැටරි සොරකමක් සිදුව තිබේ.
කන්තලේ මූලස්ථාන පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සදහන් කළේ මුතූර්, සාම්පූර්, කින්නියා, තබලගමුව, වාන් ඇල, උප්පුවේලි, කුච්චිවේලි සහ වාකරේ යන ප්‍රදේශවල දුරකථන සම්ප්‍රේෂණ වන බැටරි මෙලෙස සොරකම් කර ඇති බවයි.
බැටරි ගැලවූ පුද්ගලයින් දෙදෙනා සහ ඒවා ප්‍රවාහනය කළ මෝටර් රථය ද සමඟ සේරුවිල ප්‍රදේශයේ දී කන්තලේ මූලස්ථාන පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් අනතුරුව සැකකරුවන් මූතුර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සුමේධ රොෂාන්