Sep
07
ගෙදරට ඇවිත් පොලිසිය සැරට බනිද්දී පියා වෙවුලා බිම වැටී මියයයි
තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් වතු අධිකාරී හිමිකරුවකුගෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පැමිණිල්ලක් ගැන සොයා බැලීමට අලපලාදෙනිය, ඇටකාල ප‍්‍රදේශයට ගිය මොරවක පොලිසියේ සැරයන්වරුන් දෙදෙනකු සැකකරු නිවසේ නොසිටි බැවින් ඔහුගේ දෙමාපියන්ට තර්ජනය කර ඇති අතර ඒ අවස්ථාවේ සැකකරුගේ පියා වෙව්ලා ඇද වැටී තිබේ.
එහිදී ඔහු මොරවක රෝහල වෙත රැුගෙන ගොස් ඇති අතර රෝහලට රැුගෙන යන අතරතුර මිය ගොස් ඇත. ඒ හේතුවෙන් අලපලාදෙනිය, ඇටකාල ප‍්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
පසුගිය 04 දා රාත‍්‍රී 8.00 සිට පසුදා අලූයම 1.00 පමණ දක්වා මෙම තත්ත්වය පැවතිණි. මෙහිදී ප‍්‍රදේශයේ සියලූම මාර්ග අවහිර කර පොලිස් සැරයන්වරුන් දෙදෙනාට, පෞද්ගලික වත්තක වතු හිමිකරුට හා එහි සිටි කාන්තාවකට ගමෙන් පිටවීමට නොදී ප‍්‍රදේශවාසීහු කළහකාරී ලෙස හැසිරුනහ. මේ තත්ත්වය පාලනය කිරීමට මොරවක, පිටබැද්දර, කොස්මෝදර හා ඌරුබොක්ක පොලිසිවලින් පොලිස් කණ්ඩායම් යොදවා තිබිණ. ඒ කෙසේ වෙතත් මේ තත්ත්වය පාලනය කෙරුණේ උසස් පොලිස් නිලධාරීන් පැමිණ පොලිස් නිලධාරීන් දෙදෙනා පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදුකරන බවට ප‍්‍රදේශවාසීන්ට කරුණු පහදා දීමෙන් අනතුරුවය.
පොලිස් නිලධාරීන් බීමතින් පැමිණ පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කළ බව මියගිය අයගේ බිරිඳ පවසයි. මියගොස් ඇත්තේ බී. කේ. වසන්ත නමැති අලපලාදෙනිය ඇටකාල ප‍්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. මොහු හදවත් රෝගයකු බව ද පැවසෙයි.
ප‍්‍රසාද් විද්‍යාරූප