Sep
21
නවකයන්ට ලිංගික කි‍්‍රයාකාරකම් පටිගත කර එවන්නැයි බල කරලා
යාපනය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසු සිසුවියන්ට ලිංගික ක‍්‍රියාකාරකම්වල යෙදෙමින් සජීවීව ඒවා පටිගත කොට ජංගම දුරකතන ආධාරයෙන් තමන් වෙත එවන ලෙස බලකරමින් ජ්‍යෙෂ්ඨ සිසුන් නවක වදය දීමට පටන් ගැනීම නිසා නවක සිසුහු අපහසුතාවට පත්ව සිටිති.
විශ්වවිද්‍යාල කාමරවල හා වැසිකිළි තුළ සිට කෙරෙන මෙම ලිංගික ක‍්‍රියාවන් සමාජ මාධ්‍යන් ඔස්සේ නරඹන ජ්‍යෙෂ්ඨ සිසුන් ඒ ඔස්සේ තවත් අශීලාචාර ක‍්‍රියා සිදුකරන ලෙසට උපදෙස් දෙන බවද වාර්තාවේ.
මේ පිළිබඳව යාපනය විශ්වවිද්‍යාලයේ විනය කමිටුවේ සහ පරිපාලන අංශයේ කථිකාචාර්යවරයකුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ නවක සිසුන් මෙවැනි නවක වදය දීමේ සිද්ධියක් හෝ සිද්ධීන් පිළිබඳව කිසිදු පැමිණිල්ලක් කොට නොමැති බවයි.
කවරෙකුගෙන් හෝ මේ සම්බන්ධව රහසිගතව හෝ පැමිණිල්ලක් ලැබෙන්නේ නම් එය රහසිගතව තබාගෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට හැකි බව කී එම කථිකාචාර්යවරයා මේ වසරේ පෙබරවාරී මාසයේදී යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ එවැනි ක‍්‍රියාවන් ගණනාවක් සිදු වූ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පැමිණිලි ලද අවස්ථාවේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරියද ඊට මැදිහත් වී පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සිසුන් හය දෙනකු ඔවුන්ගේ ජංගම දුරකතන සමග අත්අඩංගුවට ගත් බවත් අට දෙනකුගේ පන්ති තහනම් කළ බවත් ප‍්‍රකාශ කළේය.
මෙවරත් යම් පැමිණිල්ලක් ලැබෙන්නේනම් ඒ පිළිබඳව විභාග කොට ඊට සම්බන්ධ සිසුන්ට දඬුවම් ලබා දීමට හැකියාව පවතින බවද එම කථිකාචාර්යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි මාසයේදී මේ අන්දමට නවක වදය දීම නිසා එක් සිසුවකුගේ ලිංගය ඉදිමීමකට ලක්ව රෝහල් ගත කෙරුණු අතර නවක වදය දුන් ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ ඡායාරූප පළවීමෙන් පසුව යාපනයේ පිහිටි එම සිසුවාගේ නිවසට පහර දී නිවසේ වාහනවලට හා නිවසට හානි සිදු කළ බවටද තොරතුරු වාර්තා වී තිබිණි.
දිනසේන රතුගමගේ - දිවයින