Jun 19

එන්නත අති ප්‍රබලයි


ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා සහ සෙසු කොවිඩ් ප්‍රභේද වලින් ඇතිවන දරුණු රෝගී තත්වය හා ඉන් ඇති විය හැකි මරණ තත්වයක් ඇති වීමේ හැකියාව සාර්ථක ලෙස එන්නත් වලින් මැඩ පැවැත්වීය හැකි බව ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළාය.

පසුගිය දිනයේදී කොළඹින් ඩෙල්ටා ප්‍රභේද ආසාදිත රෝගීන් හමුවීමත් සමඟ මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනයා තරමක් තැති ගෙන ඇති බව කියන ඇය පවසා සිටියේ මේ දක්වා වාර්තා වී ඇති සෑම ප්‍රභේදයකටම මේ තාක් නිපදවා ඇති සෑම කොවිඩ් එන්නතක්ම සාර්ථක ලෙස ප්‍රතිචාර දක්වන නිසා බියක් ඇතිකරගත නොයුතු බවයි.

 උක්ත සෑම ප්‍රභේදයකින් සහ විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදයෙන් ද ඇති විය හැකි යැයි පැවසෙන දරුණු රෝගී තත්වයට පත් කිරීම හා මරණ තත්වයක් ඇති කිරීම සාර්ථක ලෙස එන්නත් මගින් මැඩපැවැත්විය හැකි බවයි.


ලොව පුරා කොරෝනා වයිරස් වර්ග සිය ගණනක් පැවතුනත් දරුණු ගණයේ වයිරස් ඇත්තේ 4ක් පමණක් බවත් ඉන්

එක් වයිරසයක් වන්නේ දෙමටගොඩ ප්‍රදේශයෙන් හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදය බවත් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්  මාත්‍රා දෙකම ලබා ගැනීම මගින් සම්පූර්ණ ප්‍රතිශක්තිය ලද හැතකි බවත් ඇය කියා සිටියාය.


ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම බ්‍රිතාන්‍ය ප්‍රභේදයට වඩා සියයට 50ක් වන අතර  මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රටවල් අසූවක පමණ පැතිර පවතින බව සොයාගෙන ඇතැයිද අය කීවාය.


 



එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට වයිරසය ආසාදනය වුවත් දරුණු ගණයේ සංකූලතාවන් ඇති නොවන බව ඇය කීවාය. කෙසේ වෙතත් මාත්‍රා දෙකම ලබා ගත්තද මුහුණු ආවරණ පැළඳීම හා දුරස්ථභාවය තබා ගැනීම අත්‍යවශ්‍ය බව  ඇය කියා සිටියාය.

ඉන්දියාවේ වේගයෙන් පැතිර යන  ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයින් කිහිප දෙනෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමෙන් පසු එම ප්‍රදේශයෙන් වෛරසය පිටතට පැතිරීම වැළැක්වීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සියලු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බවද මේ අතර හෙළි කර තිබේ.ෙ ප්‍රදේශ හුදකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත්, ආසාදිතයින් සමඟ සම්බන්ධතා පැවැත් වු අයවළුන් පිළිබඳව හඹාගොස් පරීක්ෂා කිරීමටත්,

දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂිත වු පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදන්නට, ඊයේ පැවති හමුවකදී තීරණය කරන ලදී.


" රටේ තියෙන්නෙ ඇල්ෆාද බීටා ද ගැමාද  ඩෙල්ටාද  කියන මොන සැර ප්‍රභේදය වුණත් ප්‍රශ්නයක් නැහැ .ඒ සියලුම ආසාදනයන්ගෙන් සිදුවන මරණ දැනට තියන එන්නත්වලින් වළක්වනවා"

මලවිගේ මහත්මිය  පැවසුවාය .


එන්නත ලබා ගැනීම මග නොහරින ලෙසද මහාචාර්යවරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය. .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.