Jun 12

මම නිවැරදි කිය කියා යන්න අවශ්‍ය නෑ - චුලක්ෂිගේ රහස් හෙළිවෙයි


පැසිපන්දු ගුරුවරියක් විදියට වැඩ බාරගත්තා කියල අපිට ආරංචියක් ලැබුණා. ආ.. ඔව් ඔව්. හැබැයි දැන් මේ දවස්වල ඒ වැඩ නතරකරල තියෙන්නෙ. කොහෙන්ද චුලක්ෂිට ඔය පත්වීම ලැබුණේ.

මන්දාරා චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරන ප‍්‍රියන්ත කොළඹගේ මහත්මයාගෙන්. ඇත්තටම මන්දාරා චිත‍්‍රපටයේ මම නිරූපණය කරන්නෙ මන්දාරා නැමති පැසිපන්දු ගුරුවරියකගේ චරිතය.

මන්දාරාගෙ චරිත ස්වාභාවය මොනවගේ චරිතයක් විදියටද ඔබ හඳුනාගත්නෙ.

ක‍්‍රීඩා ගුරුවරියක් වුණාට ඇය දඟකාර චරිතයක් නෙවෙයි. ගුරුවරියකගේ තිබෙන සාමාන්‍ය සංවරකම මන්දාරා කියන චරිතයේ තියනවා. ඇය උඩරට ප‍්‍රදේශයේ කාන්තාවක්. නමුත් විවාහ වෙන්නෙ පහත රට තරුණයෙක් සමග. ඔහු ඉක්මන් ආවේගශිලී පුද්ගලයෙක්. මේ නිසා ඒ විවාහය අතරමගදි දෙදරා යනවා. ඒත් එක්කම ගම්බද පළාතකට යන මන්දාරාගේ අරමුණ වෙන්නෙ පැසිපන්දු ක‍්‍රීඩාව ඒ ළමුන් තුළ ජනප‍්‍රිය කරවීම. මන්දාරා කියන්නෙ ධෛර්යමත් චරිත ස්වාභාවයක් තියන කාන්තාවක්.

 ඔබ දැන් වැඩිපුර දකින්නෙ රිදී තිරියේ.. දැන් ඔබ නිරූපණ කේෂත‍්‍රයෙන් ඈත් වෙලාද

 මොඞ්ලින් වලින් නම් ටිකක් දැන් දුරස්වෙලා තමා. නමුත් වෙළදනාම තානාපතිවරියක් විදියට වැඩ කරන බ‍්‍රෑන්ඞ් වල නිරූපණවලදි නම් මමම තමා පෙනී සිටින්නෙ. නිරූපණ කේෂත‍්‍රය මම භාවිතා කළේ මේ කේෂත‍්‍රයට එන්න ෆැලැට්ෆෝම් එකක් විදියට.

 ඉදිරියේදි ඔබ වැඩියෙන් අවධානය යොමු කරලා තියෙන්නෙ සිනමාව ටෙලිනාට්‍ය කියන කුමන මාධ්‍ය කෙරෙහිද

 මම තෘප්තිමත් වෙන්නෙ.. කියන තැන ඉඳන් කතා කළොත්, මාව සිනමාව පැත්තෙන් හඳුනාගන්න එකට තමයි මම වඩාත් කැමති. රංගනයට මම පය තැබුවෙත් සිනමාවෙන්. ඒ නිසා මම ඉදිරියෙදිත් රිදී තිරයට වැඩි අවධානයක් යොමුකරන්න තමයි බළාපොරොත්තුව. කොහොමත් පුංචි තිරයට වඩා සිල්ව ස්ක‍්‍රීන් එකේ රූප රාමු විශාලයි. ඉතින් මම පුදගලිකව ආසයි මාව සිල්ව ස්ක‍්‍රීන් එකේ දකින්න. හැබැයි ටෙලිනාට්‍යක හරි කමක් නෑ මට වෙනසක් තියනවනම්, වෙනස් චරිතයක් ලැබුණොත් ඒක මට බ්‍රෙක් එකක් නිසා ඒ නිර්මාණය බාර ගන්නවා.

 චුලක්ෂි වෙදිකාවේ නොදකින්නෙ වේදිකා නාට්‍ය රංගනයට අකමැතිද

 මම වඩාත්ම කැමති වේදිකාවට. වේදිකාව පැත්තෙන් ආරාධනාවක් ලැබුණොත් මම දෙවරක් හිතන් නැතිව බාර ගන්නවා. මෙහෙමයි.. ටෙලිනාට්‍යද, සිනමාවද, වේදිකාවද කියල තීරණය වෙන්නෙ ලැබෙන චරිතය අනුව.

 ඕනම කෙනෙක්ට බළාපොරොත්තු තියනවා. මට මෙන්න මේ වගේ චරිතයක් ලැබුණොත් ඒක මට හොඳටම කරන්න පුළුවන් කියල. චුලක්ෂිටත් එහෙම බළාපොරොත්තු තියනවද

 මගේ රූපයෙන් ගොඩක් අය දකින්නෙ නිරූපණ ශිල්පිණියක් නැත්නම් මිස් ශ‍්‍රී ලංකා කෙනෙක්. නමුත් මම කැමති චුලක්ෂි කියන චරිතය කඩාගෙන එන්න පුළුවන් චරිතයක් ලැබෙනවනම්. ඒ කියන්නෙ සාමාන්‍ය ජීවිතයෙදි මාව හඳුන ගන්න චරිතයෙන් මිදෙන චරිත වලට. ඒක තමයි මට ලැබෙන අභියෝගය කියල තමයි මම කල්පනා කරන්නෙ. ඒ වෙනුවෙන් මගේ ශරීරය තරබාරු කරගන්න, වෙනස් කරගන්න වුණත් මම කැමතියි.

 මේ කේෂත‍්‍රය පැත්තෙන් ඔබේ අවසන් බලාපොරොත්තුව රඟපෑම විතරමද

 මම තාම රූපණය කියන විෂයත් ඉගෙන ගන්නවා. කෞෂ්‍යල්ල්‍යා පුනාන්දු සහ ජයන්ත චන්ද්‍රසිරි මහත්මාගෙන් දැනට මේ විෂය මම හදාරල තියනවා. නමුත් මට තව

 ගොඩක් දේවල් ඉගෙනගන්න තියනවා. මම හිතනවා අනාගතේ දවසක මම ගොඩක් විෂය ගැන ඉගෙනගෙන කේෂත‍්‍රයේම තවත් පැතිකඩක් ගැන අවධානය යොමුකරන්න පුළුවන්.

 රන්ජන් රාමනායකගේ සුප‍්‍රසිද්ධ හඩ පට කතාවකදි එක්තරා නිරූපිකාවක් ඔබේ නමත් සඳහන් කරා නේද. මේ චෝදනාවට ඔබ පිළිතුරක් දුන්නෙ නෑ

 මම නිවරදි කියල දන්නවනම්, මම ඒ වගේ තැන්වල  රැදෙන්නෙ නැති බව දන්නවනම්, ඒ නිසා ඒකට මම කිසිම බයක් නැත්නම්, මාධ්‍ය වලට මම නිවරදි කිය කිය යන්න අවශ්‍යතාවක් නැ. ඇත්තටම ඒ ගැන කතා කළ යුතුත් නැ කියන තැන මම ඉන්නෙ. මම එහෙම කරේ නෑ කියලවත් ඕන නෑ. මම කේෂත‍්‍රයට එද්දි කිලෝ 75 ක තරබාරු කාන්තාවක්. ජිමි එකේ හරියට වක් අවුට් කරල තමයි මම මගේ ශරීරය මේ විදයට පවත්වාගෙන යන්නෙ. ඔය වගේ දේ පාවිච්චි කරන කෙනෙක්ට නම් ජිම් එකේ හරියට කිලෝ දහයක් උස්සගන්න බෑ මම හිතන්නෙ. ඒවා ඉතින් විහිළු.... එහෙම තමා කියන්න තියෙන්නෙ.

තිස්ස ගූණතිලක
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.