May 09

එතෙක් මෙතෙක් යුධ ඉතිහාසයේ බිහිවූ අභිමානවත් යුධ වීරයාගේ කතාව


මේ මස 18 වැනිදාට යෙදෙන විජයග්‍රහණයේ 11 වන සංවත්සරය වෙනුවෙනි.1981දී ආරම්භකරන ලද මෙම පදක්කම් ප්‍රදානය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් හී සේවයේ නියතු ඕනෑම සොල්දාදුවෙකුට රණවිරුවෙකු ලෙසින් පිරිනැමෙන ඉහලම ගෞරවාන්විත පදක්කම වේ.

ස්වකීය ජීවිතය ද.. ආත්ම ආරක්ෂාවටද සිදුවියහැකි අනතුරු ගැන නොසිතා.. තම කඳවුරේ හෝ යුධපිටියේදි තම කණ්ඩායමේ ජීවිත ආරක්ෂාව හා යුධ අරමුණු මුදුන්පත්කරගැනීමේ අභිලාෂයෙන් සක්‍රීය සේවා කාලය තුළ ස්වෙච්ඡාවෙන්ම අභීතබාවය පාමින් වික්‍රමාන්විත පෙලහැර පා දිවිපුදනාවූ ශ්‍රීලංකා නාවික , යුධ , ගුවන් හමුදාපතිවරුන් නිර්දේශ කරන්නාවූ ශ්‍රී ලංකා යුධ ,ගුවන් ,නාවික ස්ථීර හා ස්වෙච්ඡා සේවයේ යෙදුන ඕනෑම පුද්ගලයකුට මෙම පලඳනාව ප්‍රධානය කලයුතුය.

මෙම සම්මාන පදක්කම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙ විශේෂ ගැසට් පත්‍රිකා අංක 156/5 , 1981 සැප්තැම්බර් 01 වන දින සභා සම්මතකොට අනුමතකරන ලදී.

පරම වීර විභූෂණය ලද ප්‍රථම රණවිරුවා වන්නේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ස්වෙච්ඡා බලසේනාවට අනුගත වූ දෙවන ලුතිනන් N /3113 අලදෙනිය .S.U
නොහොත් සාලිය උපුල් අලදෙනිය නම් රණවිරුවාය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරූ ඔහු 1989 දී මූලික යුධහමුදා පාඨමාලාව හදාරා සම්පූර්ණකොට දෙවන ලුතිනන් වරයෙකු ලෙස සිංහ රෙජිමේන්තුව 03 වැනි බලඇණියට එක්විය.

මාන්කුලම් කඳවුර අසල පිහිටි ශ්‍රී ලංකා රූපවාහිනි සම්ප්‍රේෂණ කුළුන ආරක්ෂාවට කොකාවිල් යුධ හමුදා අනුඛණ්ඩය අනුයුක්ත කොට තිබූ අතර 43 දෙනෙකුගෙන් සමන් විත එම ඛණ්ඩය සමඟ කඳවුර බාර නිලධාරියා ලෙස 1963 මැයි මස 01 දින E.විජේසිංහ අලදෙනිය මෑණියන්ට සහ S.M.කුඩා බණ්ඩා පියානන්ට දාව උපන් 109/1 ලේවැල්ල පාර , මහනුවර පදිංචි 27වයස යන්තම් පිරුණු තරුණ සාලිය අලදෙනිය රණවිරුවා කටයුතු කලේය.

රහසිගත තොරතුරු මගින් කොකාවිල් සම්ප්‍රේෂණාගාරය බාරව සිටින් සෙබළුන් ප්‍රමාණය දැනගත් ත්‍රස්ථයන් තම පිරිස් බලය ඊට වඩා පස් ගුණයකින් පමණ වැඩිකර එල්ලකරනලද ප්‍රහාර හමුවේ තම කණ්ඩායම නිසි ආකාරව මෙහෙයවමින් අලදෙනිය විරුවා දින 14ක් පුරා ත්‍රස්ථයන්ට ප්‍රහාර එල්ලකරමින් කඳවුර රැකගත්තේය.

දින 14 පුරාවට කඳවුරේ ආහාර ජලය පිටතින් ලබාගන්න බැවින් සැපයුම් අවහිර වීමෙන් දැඩි දුෂ්කරතාවට මූණදීමට සිදුවූ අතර 1990 ජුනි 10 වෙනිදා වන විට තුවාල නොවූ සොල්දාදුවන් ගනන 15 දක්වා අඩුවිය.. වෙඩි උණ්ඩ සහ උපකරනද හිඟවිය

ජුනි 11 කඳවුරෙන් ඉවත්වන ලෙස ප්‍රධාන කඳවුරේ අණ දෙන නිලධාරියා ගෙන් පණිවිඩ ලැබුණද තුවාල වූ භට පිරිස් දමා කඳවුරෙන් ඒමට අලදෙණිය විරුවා අකමැති විය.

තමා අවසන් උණ්ඩය දක්වා මියයනතෙක් සටන්කරන බව ප්‍රධානියාට දන්වා අභීතව සටන් කළේය..
අලදෙණිය විරුවාගේ හුදකලා සටන හමුවේ ත්‍රස්ථයන්ද දින 15ක්පමණ කරකියාගත නොහැකිව සිටින අතරතුර සම්ප්‍රේෂණාගාරයට බලසැපයුම දෙන විදුලි ජනක යන්ත්‍රවලට ඉන්ධන ගබඩාකර ඇති ගබඩාව පුපුරවා හැරියේ හදවත් සසල කරමින් තුවාල වූ රණවිරුවන් තනිනොකර සටනේ සිටි සැවොම අලදෙනිය විරුවා සමඟ දවා අලුකරමින්‍ ය..

“කපිතාන් සාලිය වහාම කඳවුර අත් හැර පසු බසින්න. Air Force එකෙන් කිවුව විදියට කොටි 400ක් විතර ඇතුල් වෙලා”,

මේ වනවිට පුරා පැය 72කටත් වඩා වැඩි කාලයක් එක දිගට සටන් කරමින් වීරෝදාර රණවිරුවන් ආහාරත්, ජලයත් නොමැතිව හෙම්බත්ව සිටියහ. නමුත් කිසි විටෙක සටන අත හැරීමට ඔවුන් සිතුවේ නැත. ඔවුන්ගේ දැඩි කැපවෙම සහ එඩිතර කම නිසා කොටි 400ක් පමන සමග අපගෙ රණවිරුවන් 60 දෙනෙක් පමණ දරුනු සටන් යෙදී සිටියහ. නමුත් ටිකෙන් ටික තත්වය ධරුනු අතට හැරෙන්නට විය, ආදරණීය සෙබලුන් විශාල ප්‍රමාණයක් මියගොස් හා බරපතල තුවාල ලබා සිටියහ.

සැබෑ තත්වය අවබෝද කරගත් කපිතාන් අලදෙණිය, වහාම හැකි ඉක්මනින් අනෙකුත් සෙබලුන්ට පිටව යන ලෙස නියෝග කලහ, කිසි සේත් එසේ කිරීමට අකමති වූ සෙබලුන්ට තදින් නියෝග කර බේරී යන ලෙස ඔහු කියා සිටියේය.

කඳවුරේ ඉතිරි වූයේ කපිතාන් අලදෙනිය සහ තුවාල ලැබූ රණවිරුවන් පමණි. කුරිරු ත්‍රස්තවාදීන්ට කඳවුරේ ඇති කිසිවක් ලබා දීමට ඔහු අක මැති වුණි. එහි නවීන ආයුද සහ පතුරම් විශාල ප්‍රමාණයක් තිබුනි. තනිවම සටන් කරමින් සිටි අලදෙණියගේ සහයට තුවාල ලැබූ රණවිරුවන්ද සහයෝගය දුනි.

කපිතාන් වරයා මූලස්තානය අමතයි “සර්, මම කපිතාන් අලදෙනිය, අපේ කට්ටිය මං safe තැනකට යැවුව, air force 1ට කියන්න අපේ කඳවුර හැකි ඉක්මනින් විනාශ කරන්න කියල”,

ආදරණීය මිතුරනේ, ගත වූ මොහොත මා හට විස්තර කිරීමට වැඩි කාලයක් නොමැත, මන්දයත්, ශබ්දයේ වෙගය අභිබවා යමින් ජෙට් යාන දෙකක් කටුනායක ගුවනින් අහසට නැග තිබුණි.

ජීවිතයේ කුඩා කල සිට සටන් භූමිය දක්වා ආ ගමන නිමේශයකින් කපිතාන් වරයාගේ සිතට නැගුනි.ආදරණීය පියානන්ට මවගේ වගකීම බාර කොට දැයෙන් සමුගන්නට යන සාලිය කුමරුන්ට, ආදරණීය අම්මාගේ කටහඬ දෙසවන සිපගනිත්දී, මුලු පලාතම දෝංකාර දෙමින් වීර අලදෙණියන් දැයෙන් සමුගෙන මොහොතක් ගතවී හමාරය.

කඳවුර අත හැරයාමට ඕනෑ තරම් අවස්තාව තිබියදීත් තම මියගිය හා තුවාල ලබා සිටි සහෝදර සෙබලුන් වෙනුවෙන් අවසන් උණ්ඩය දක්වාම සටන් කල වීර පුරුෂයාට වීරත්වයේ උසස්ම පදක්කම වන පරම වීර ව්භූෂණ පදක්කම ලක් ඉතිහාසයේ දෙවන වරට පුදනු ලැබීය.

ආදරණීය විරුවානෙනි, දැය වෙනුවෙන් කලමෙහෙවර උදෙසා දෙයත් නලලට තබා ආචාර කරමි අප ඔබට, නිදහස් නිවහල් දැයක් අපට එලිය කරදුන්නාට!

අම්මේ ඔබ කල සේවය සදහට අගනා..!
ලක් ඉතිහාසයෙ ලියවෙයි මතු දිනයක සොදිනා..!

සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා..!
~සදා සමරමු අපේ යුධ විරුවෝ~

පරම වීර විභූෂණ සටහන හි මෙසේ දක්වා ඇත.

අලදෙනිය නම් වූ ශ්‍රී ලාංකික රණවිරුවාගේ සේවයට උපහාර පිනිස ඔහුගේ නිලය කපිතාන් ධූරය දක්වා උසස් කරන ලදී.

හමුදා ඒකකය : 3 වන බලඇණිය
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ස්වෙච්ඡා බළසේනාව


  • මියගිය ස්ථානය : කොකාවිල්
  • උපන්දිනය : 1963 මැයි 01
  • මියගිය දිනය :1999 ජුලි 11
  • මියයන විට වයස : 27
  • සිවිල් තත්ත්වය : විවාහක
  • මව : E.විජේසිංහ අලදෙණිය
  • පියා : S.M ලොකුබණ්ඩා
  • බිරිඳ : ඉයන්තා අලදෙනිය
  • ලිපිනය : 109/1 ලේවැල්ල පාර , මහනුවර
  • පරම වීර විභූෂණය ලැබූ දිනය : 1991 ඔක්තෝම්බර් 10


දෑ හිතකාමි සැමට කඳුලක් උරුමකොට මව්බිමෙර් ඒකීය භාවය උදෙසා දිවිහිමියෙන් සටන් කොට ‍රට වෙනුවෙන් දිවි පිදු සාලිය අලදෙණිය විරුවාණනි.. ඔබට අපගේ මහජන උත්තමාචාරය මෙසේ පිරිනමන වගයි..! අමරණිය විරුවෙක් ලෙසින් උදාහිරු නැගෙන පැයේදීද සැඳෑ හිරු බැසයන යාමේද අප ඔබව සිහිකරන්නෙමු.!
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.