Aug
15
"මට බාර දුන් අමාත්‍යංශය දෛවයේ සරදමක්" වැඩ බාර ගනිමින් සරත් වීරසේකර කියයි (වීඩියෝ)
තමන්ට ලබාදුන් අමාත්‍යංශය දෛවයේ සරදමක් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
පළාත් සභා සඳහා විරුද්ධ වූ පුද්ගලයෙක් ලෙස තමනට මෙම අමාත්‍යංශය ලැබීම දෛවයේ සරදමක් වන නමුත් කිසිසේත්ම පොලිස් සහ ඉඩම් බලතල පලාත් සභාවලට ලබා නොදෙන බව ඔහු පැවසීය.
තම අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට ඊයේ දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද එම දුරයේ වැඩ ආරම්භ කරන ලදී.....!
පළාත් සභා සහ පළාත් රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද එම දුරයේ සුභ මොහොතින් වැඩ ආරම්භ කරන ලදී.....! #SarathWeerasekera #SriLanka
Posted by Sarath Weerasekera on Friday, August 14, 2020