Aug
15
19 අහෝසි කරන්නැයි ජනපති දන්වයි, පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට
19 වැනි සංශෝධනය අහෝසි කර දැමීම ආණ්ඩුවේ ප්රමුඛ කාර්යය බව අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.
ඒ අනුව 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව ඒ මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් උපදෙස් දී ඇති බවත් ඔහු පවසයි.
ඒ සඳහා වන සංකල්ප පත්‍රිකාව පළමු කැබිනට් මණ්ඩලයටම තමන් ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියේය.
කෙසේ නමුත් මෙම සංශෝධනයේදී ජනාධිපති ධුර කාලය වසර 5 ක සීමාව දිගටම පවත්වන බවත් එක් අයෙකුට දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිමට නොහැකි වීමේ නීතිය එලෙසම පවත්වා ගැනීමටත් උපදෙස් ලබාදී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ස්වාධීන කොමිසන් සභා සම්බන්ධයෙන් තමන් විසින් කිසිදු ප්‍රකාශයක් මේ වන තෙක් සිදු කර නැති බවත් ඒවා අහෝසි නොකිරීමට තිරණය කර ඇතැයි තමන් පැවසුවේ යැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඔහු තවදුරටත් කියා සිටියේය.