May
07
ආණ්ඩුව අතහැර විපක්‍ෂය යාමට ආණ්ඩුවේ ශ‍්‍රීලනිප බහුතරය තීරණය කරති
ලබන අගෝස්තු 21 වනදාට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ කාලය අවසන් වන නිසා තවදුරටත් ආණ්ඩු පක්ෂයේ නොසිට විපක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් බහුතරයකගේ අදහස වී ඇත.
එක්සත් ජාතික පක්ෂය සමඟ තවදුරටත් එක්ව කටයුතු කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වීම වැළැක්විය නොහැකි බවත්, එම විනාශයෙන් පක්ෂය ගලවා ගැනීමට ඇති එක ම විසඳුම ආණ්ඩුවෙන් ඉවත් වීම බවත් ජනාධිපතිවරයාට පෙන්වා දීමට ද ඔවුන් සූදානම් වේ. ජනාධිපතිවරයා එම ධුරයේ රැඳී සිටින අතරතුර මෙසේ ශ්‍රීලනිපය විපක්ෂයේ සිට ආණ්ඩුවට බලපෑම් එල්ල කිරීම හරහා පක්ෂයට නව ජවයක් ලබා දිය හැකි බව ද මේ පිරිසේ අදහස වී ඇත.
අදාළ අවබෝධතා ගිවිසුමේ සඳහන් වන කරුණු කොතෙක් දුරට ඉටු වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨයන් මීට මාස හයකට පෙර දී රැස්වුව ද ඉන්පසු එම පසු විපරම සිදු නොවීය. 2015 අගෝස්තු 21 වන දින එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක විසින් පක්ෂ දෙක අතර මේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර, එය වසර දෙකක කාලයක් සඳහා පමණක් වලංගු වන බවත්, දෙපාර්ශ්වයේ එකඟතාව මත ගිවිසුම දීර්ඝ කළ හැකි බවත් එහි විශේෂයෙන් සඳහන් වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදාළ ජ්‍යේෂ්ඨයන් අවධාරණය කරන ආකාරයට ආර්ථිකය දියුණු කිරීම සම්බන්ධයෙන් අදාළ ගිවිසුමේ තිබූ එකඟතා වෙනුවට මුදල් ඇමැති රවී කරුණානායක දිගින් දිගටම ආර්ථිකය අස්ථාවර කිරීමට කටයුතු කිරීම බරපතළ කරුණක් වී තිබේ. රැකියා විරහිත ජන කොටස්වල සුබසාධනය, දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම යන කරුණු ඔවුන් අමතක කර දමා ඇති බවත්, මේ නිසා අදාළ චෝදනාවලට ශ්‍රීලනිපයට ද උත්තර බඳින්නට සිදු වී ඇති බවත් පවසන මේ ජ්‍යේෂ්ඨයන්, වැඩිදුරටත් අවධාරණය කරන්නේ දූෂණ විමර්ශනවලට ද එජාප ඇමැතිවරු වැඩි වශයෙන් මැදිහත් වන බවයි. එසේම ජාතික විගණන පනත අගමැති කාර්යාලයේ තවදුරටත් රඳවාගෙන සිටීම යනාදී කරුණු ද ඔවුන් අවධාරණය කරන ප්‍රධාන කරුණු අතර වේ. මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ මේ ක්‍රියා කලාපය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායයමින් තිබෙන බවත්, එයින් ගැලවීමට ඇති හොඳම අවස්ථාව මේ ගිවිසුම අවසන් වන මොහොත බවත් ජනාධිපතිවරයාට පැහැදිලි කර දීමට මේ පිරිස එකඟත්වයකට පැමිණ ඇත. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මට්ටමේ සිටින පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද ඔවුන් වැඩිදුරටත් තීරණය කර ඇත.
පරාක්‍රම දිසානායක
– සත්හඬ