Apr 15

මේ මාසයේ ඇදිරි නීතිය ඉවත් කල හැකියි ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහතික කරයි..


පසුගිය දින 5ක කාලයක් පුරාම හමුවුණු කොරෝනා ආසාදිතයන් ඊට කලින් කොරෝනා ආසාදිතයන් සමීප ආශ්‍රය කළ දැනට නිරෝධායන කර සිටින පුද්ගලයන් බවත් එම කාලයේදී රෝහල්වලින් රෝගීන් වාර්තා නොවූ බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

මේ අනුව වෛරසය එක්තරා ආකාරයකට පාලනයක් ඇතිව තිබෙන බව මෙයින් පැහැදිලි වන බවද ඔහු සඳහන් කළේය.

නමුත් සාමාන්‍ය සමාජය තුළ ද තවත් රෝගීන් හඳුනානොගත් කිහිපදෙනෙකු සිටිය හැකි නමුත් ඔවුන් විශාල ප්‍රමාණයක් නොවන බවද ඔහු පැවසීය.

පවතින තත්ත්වය මනා පාලනයක් සහිත බව සහතික වූ වහාම පවතින ඇඳිරි නීතිය ඉවත් කිරීමේ සැලසුමක් සකස් කර ඇති බවද ඔහු සදහන් කලේය.

මෙම සැලසුම මේ මාසය තුළදී ම ක්‍රියාත්මක කර කිරීමට හැකියාව ඇති බව තමන් විශ්වාස කරන බවද ඒ මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ලෝකය පුරා සීග්‍රයෙන් පැතිරී යමින් තිබෙන නිසා ඕනෑම මොහොතක යළිත් ලංකාවට ඇතුළු වීමේ අවදානම සලකමින් ගුවන්තොටුපොළවල් ආදිය ඉතාමත් තද පාලනයක් යටතේ දිගු කාලයක් පවත්වාගෙන යා යුතු වනු ඇතැයිද ඔහු තව දුරටත් අවධාරණය කලේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.