Apr 15

කොරෝනා රෝගීන්ට පණ දෙන්න වෙන්ටිලේටර් යන්ත්‍රයක් හදපු බුද්ධික


ක්‍රමවේදය අර්ථය නම් එය ආයතන ගත කර මහජනයා වෙත ඉදිරිපත් කරන ආකාරයයි. සියලු ජනයාට නොමිලේ අධ්‍යාපනය ලබාදීම යන්න ඉන් අදහස් වේ. ඒ ක්‍රමවේදමය අර්ථයයි.

නිදහස් අධ්‍යාපනයේ අන්තර්ගතය සම්බන්ධයෙන්ද නිදහස් යන්න වැදගත් වේ. නිදහස් චින්තනය සහ විචාරාත්මක චින්තනය හුරු කිරීම ගතානුගතික සම්ප්‍රදාය තාර්කිකව තක්සේරු කර සම්ප්‍රදාය විසින් පනවනු ලැබ ඇති සංස්කෘතික හිරගෙවල්වලින් මිනිසා නිදහස් කිරීම, අවිද්‍යාවේ සහ අඥාන බවේ සිරගෙවල්වලින් මිනිසා නිදහස් කිරීම යනාදිය නිදහස් අධ්‍යාපනයේ හරයාත්මක අන්තර්ගතයයි.

විමුක්තිකාමී අධ්‍යාපනය යනු එයයි. කෙතරම් අඩුපාඩු තිබුණත් නූතන යුගය තුළදී අධ්‍යාපනය විසින් සපයන ලද නව ඥානය නිසා මිනිසා ලබා ඇති නිදහස අති මහත්ය.

අද වන විට නිදහස් අධ්‍යාපනය ඉහත අර්ථ දෙකෙන්ම පිරිහී ඇත. නිදහස් අධ්‍යාපනය ප්‍රාග්ධනයට නිදහස සලසා දෙන්නට වෙන් කරන ලද කලාපවල පිහිටුවීමෙන් අධ්‍යාපනය ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත්වේ. මිලක් ගෙවා ලබා ගන්නා අධ්‍යාපනයේදී පාරිභෝගිකයා අපේක්‍ෂා කරන්නේ ඒ මිල නමැති ආයෝජනයට ලාභද සමඟ ආපසු ලැබිය හැකි අධ්‍යාපනයකි.

ඒ නිසා විචාරාත්මක චින්තනය හා විමුක්තිකාමය පසෙකලා ඉක්මනින් රැකියාවක් ලබාගත හැකි පාඨමාලා ඉල්ලා සිටීම ස්වාභාවිකය. එවැනි පාඨමාලා විකුණා ලාභ ලැබීම යනු තවත් කරුණකි.

ලියනගේ අමරකීර්ති නම් ප්‍රාඥයා ඔහු විසින් රචිත සිතුවිලි ක්‍ෂිතිජය කෘතිය තුළ අධ්‍යාපනය පිළිබඳ අදහස් පළ කරන්නේ එලෙසය. ඔහුගේ අදහස් සමඟ එක පලෝලයේ යන නව නිපැයුම්කරුවෙක් මා අබියස වේ.

ඔහු නමින් මාරසිංහ මුදියන්සේලාගේ බුද්ධික ජනක බණ්ඩාරය. අඩු වියදමකින් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක් ඔහු අත වේ. ඒ කොවිඩ් 19 ආසාදනයෙන් ආසාදිත පුද්ගලයන්ගේ දිවි සුරැකීම මුල් කරගෙනය.

ඔහු විසින් නිපදවන ලැබූ මෙම කෘත්‍රිම ශ්වසන යන්ත්‍රය පිළිබඳව කරුණු දැනකියා ගැනීමට අප ඔහුට සවන් දිය යුතුමනේ.

“මම මූලික අධ්‍යාපනය ලැබුවේ මකුළුවැව මහා විද්‍යාලයෙන්. ඊට පසුව මම කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබුවා. මගේ පියා ලලිත් මාරසිංහ. ඔහු නාවික වෘත්තියේ නිරතව සිටි අයෙක්. දැනට ඔහුගේ රැකියාව ගොවිතැන. මගේ මව ගුරුවරියක්. ඇය නමින් සුදර්මා ගොකරැල්ල.

මගේ පවුලේ මල්ලිලා දෙදෙනා සහ නංගි මේ අධ්‍යාපන ක්‍රමය මඟින් ජීවිතය දිනූ උදවිය. පොඩි මල්ලි මැකෑනිකල් ඉන්ජිනේරුවෙක්. අනෙක් මල්ලි තොරතුරු තාක්‍ෂණය පිළිබඳ ඉන්ජිනේරුවෙක්. මගේ නැඟණිය දැනට ආචාර්ය උපාධියක් ගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනවා. ධම්මික මාරසිංහ, චන්දන මාරසිංහ මගේ සොහොයුරන් දෙදෙනා. නංගී කල්පනී මාරසිංහ.

මම 2006 වර්ෂයේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නවා. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී මම ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ 2005 අවුරුද්දේ. මගේ ව්‍යාපාරය යන්තේ‍රා්පකරණ සම්බන්ධ ව්‍යාපාරයක්. මම දිගින් දිගටම ඒ ව්‍යාපාරය දියුණු කළා.

ඒ ව්‍යාපාරය නිසයි මෙවැනි කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක් මට වඩාත් පහසුවෙන් නිර්මාණය කරන්න හැකි වුණේ. ඔය අතරතුර මම මා ලද දැනුම සමාජගත කළ නිසාම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ උපදේශක සභාවේ සාමාජිකයෙක් ලෙසත් සේවය කළා. මම නිෂ්පාදනය කළ කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයට අවධානය යොමු කරමු.

සාමාන්‍යයෙන් මෙවැනි වෙන්ටිලේටර් මැෂින් එකක් ලංකාවට ආනයනය කළහොත් රුපියල් ලක්‍ෂ 40 සිට ලක්‍ෂ 100 දක්වා මුදලක් විය පැහැදම් වෙනවා. මම විසින් ඉතා කඩිනමින් නිෂ්පාදනය කළ මේ කෘත්‍රිම ශ්වසන යන්ත්‍රය බොහොම සරල ලෙස කළ නිර්මාණයක්. නමුත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකසා ඇති කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයට අදාළ සියලු කොටස් මම නිපදවූ කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයට අයත්.

ඒ සරල බව නිසාම හදිසි තත්ත්වයක් උද්ගත වුවහොත් එයට මුහුණදීම සඳහා අඩු මුදලකින් වැඩි කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ප්‍රමාණයක් නිපදවිය හැකියි. හදිසි තත්ත්වයකදී එක් දිනකට මෙවැනි කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර 50ක් වුණත් නිර්මාණය කළ හැකි හැකියාවක් මට තිබෙනවා.

මෙවැනි යන්ත්‍රයක් මම නිර්මාණය කළේ කොරෝනා අවදානම් තත්ත්වය නිසාමයි. ඒ නිසා ඇඩිෂනල් ෆීචර්ස් මේ මැෂිමට මා එක්කළේ නැහැ. වැදගත්ම දේ තමයි කොරෝනා ආසාදිත රෝගීන් 5 දෙනෙක් අතරින් එක් අයකුගේ හෝ ජීවිත බේරා ගත හැක්කේ මෙවැනි කෘත්‍රිම ශ්වසන යන්ත්‍රවලට වීම. කොරෝනා රෝගීන් හට හුස්ම ගන්න අපහසු වන්නේ හුස්ම ප්‍රෙෂර් කර ගන්න බැරි හින්දා.

මම නිෂ්පාදනය කළ යන්ත්‍රය ඒ තත්ත්වය මඟහැර දෙනවා. වඩාත් පුදුම සහගත තත්ත්වය වන්නේ ලංකාව තුළ දීර්ඝ කාලයක සිට මෙවැනි කෘත්‍රිම යන්ත්‍රවලට අදාළ කොටස් නිපදවා ඒවා ආනයනය කිරීම. සාමාන්‍යයෙන් ප්‍රමිතිදායක කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට අදාළ කොටස්වලින් 60%කටත් වඩා ලංකාව තුළ නිපදවා ආනයනය කිරීමක් තමයි සිදුවන්නේ.

සාමාන්‍යයෙන් අඩු වියදමකින් එක් දිනකට මෙවැනි කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර 50ක් වුවත් සැකසීමට ඇති හැකියාව පිළිබඳවයි අප විශ්වාසය තබාගත යුත්තේ. මෙම කෘත්‍රිම ශ්වසන යන්ත්‍රය තවදුරටත් ප්‍රමිතිදායක තත්ත්වයකට රැගෙන ඒමයි මගේ උත්සාහය.

ප්‍රභාත් අත්තනායක
මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.