Apr
25
නාවික හමුදාවේ රණවිරුවන් 60ක් පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම පිලිබදව සමාජයේ කතා බහක් ඇතිව තිබේ.
එවන් මොහොතක නාවික හමුදා විරුවන්ට ඇතැමුන් දක්වන ප්රතිචාර පිලිබදවත් දැනගන්නට ලැබේ.
මේ ඒ පිලිබදව ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වූ සටහනකි..
'නිවාඩු සිටින නාවික හමුදාවේ සහෝදරයෝ ගැන ගමේ මිනිස්සු ගොඩක් පැමිණිලි කරනවලු. කලබල වෙන්න එපා.නිවාඩු ඉන්න උන් ටික අපි ඉක්මනට කෑම්ප් එකට ගෙන්න ගන්නම්.එකා පිට එකා මැරුණත් අපි ආපහු කොරෝනා ප්රශ්නේ ඉවර වෙනකම් ගෙදර එන්නේ නැහැ.හැබැයි එදා වගේම හෙටත් උබලා වෙනුවෙන් හමුදාවෙ උන් කරන කැපකිරීම නවත්තන්නෙ නැහැ.අපි දන්නවා මොන කැප කිරීම කළත් උඹලට ඒකේ අගයක් නැහැ කියලා.ඒ බව දැන දැනත් අපි මේ හැමදේම කරන්නේ උපන්න මව්බිම වෙනුවෙන් මිසක් අපේ ගෙදර ඉන්න උන් වෙනුවෙන් නොවන බව ඔබේ හය හතර නොදත් දරුවන්ට පැහැදිලි කර දෙන්න.