Aug
31
පේ‍්‍රමලාල්ට මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දිය නොහැකියි
ජීවිතාන්තය දක්වා දඬුවම් නියමව සිටින පේ‍්‍රමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දිය නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇත.
අදාළ දැනුම් දීම අධිකරණ අමාත්‍යාංශය මගින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මේ සම්බන්ධව අදහස් දක්වමින් පැවැසීය.
පේ‍්‍රමලාල් ජයසේකර මහතා ලබන 08 වැනිදා පාර්ලිමේන්තුවට රැගෙන ඒම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ඉකුත් 28 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන කළ නිවේදනය අනුව බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ සම්බන්ධව කළ කරුණු විමසීමට පිළිතුරු ලෙසින් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයට මෙම උපදෙස් ලබාදී තිබේ.
2015 වසරේදී සිදුවූ සිද්ධියකට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ජූලි මස 31 වැනිදා පේ‍්‍රමලාල් ජයසේකර ට ජීවිතාන්තය දක්වා දඬුවම් නියම කරන ලදී.
පේ‍්‍රමලාල් ජයසේකර මෙවර මහමැතිවරණයේදී රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙවැනි ස්ථානයට වැඩිම මනාප ලබාගනිමින් ජයග‍්‍රහණය කළේය.
- දිවයින