Aug
31
ගෙදර කාන්තාවකගේ අතින් හදන තරම් පාර්ලිමේන්තුවේ කෑම රහ නැහැ - කථානායක
ගෙදර කාන්තාවක ගේ අතින් හදන කෑම ටික තරම් රසවත් කෑම එකක් පිරිමි අත්වලින් සෑදීමට බැරි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටියා.
පාර්ලිමේන්තු කුස්සියේ කෑම වේල සම්බන්ධව ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී කතා බහට ලක්වීම පිළිබඳව ” දිවයින” පුවත් පත සිදුකළ විමසීමකදී කථානායකවරයා එසේ සඳහන් කර සිටියා.
"පාර්ලිමේන්තු කුස්සියේ කෑම විශාල ප‍්‍රමාණයක් සැකසෙනවා. සමහර දවස්වලට මේ කෑම එක එච්චර රස නැහැ. මේ කෑම ප‍්‍රමාණයට ලූණු ඇඹුල් බලන එකත් ලේසි නැහැ. සමහර දවස්වල පාර්ලිමේන්තුවේ කෑම බොහෝමයක් ඉතුරු වෙනවා. ඒකත් එක පැත්තකින් පාඩුවක්.
කෑම උයන වැඬේ හරි කල්පනාවෙන් කරන්න ඕනෑ. ලූනු ඇඹුල් රසය තිබිය යුතුයි. මොනවා වුණත් ගෙවල්වල හදන කෑම එක හරිම අපූරුයි. ගැහැනු වගේ හරි හරියට රසට කෑම උයන්න පිරිමින්ට බැහැ” කථානායකවරයා සඳහන් කර සිටියා.
- දිවයින