Apr
25
‘කෝවිඞ් 19’ වෛරසය එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළට අකුල් හෙලන්න පිරිසක් සිටින බවත් ඔවුන් කවුරුන්ද යන්න තරාතිරම නොබලා රටට හෙළි කිරීමට තම සංගමය තීරණය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා දිවයිනට ඊයේ ( 24 වැනිදා) පැවසී ය.
විස්තරාත්මක හෙළිදරව්වක් එහිදී සිදු කිරීමට කටයුතු කරන බව ද අලූත්ගේ මහතා සඳහන් කළේය.
මෙම විනාශකාරී පිරිස ඒ නිසා රට සති තුනක් පසුපසින් සිටින බවත් එය රට නැවත විවෘත කර ජන ජීවිතය යථාවත් කිරීමට දැඩි බාධාවක් වී ඇති බවටත් හෙතෙම චෝදනා කළේය.
රජයේ වැඩපිළිවෙලට අකුල් හෙළන අය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නම් ගම් සහිතව දන්වා ඇති බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බවත් හරිත අලූත්ගේ මහතා කීවේය.
ආසාදිතයන් හඳුනා ගැනීමට සිදුකළ හැකි පරීක්ෂණයන් හි ධාරිතාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන පරස්පර විරෝධී ප්‍රකාශ පිළිබඳව අදාළ සෞඛ්‍යය බලධාරීන් රටට කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ යුතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.
සිරිමන්ත රත්නසේකර
Source - දිවයින