Sep
16
දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් යුවළක් කළ දෙමටගොඩ රන් භාණ්ඩ සොරකම (CCTV දර්ශන)
දෙමටගොඩ ස්වර්ණාභරණ ආයතනයකට ඇතුළු වී රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිදුවීමට සම්බන්ධ CCTV දර්ශන මේ වන විට හමුව තිබේ.
පසුගිය 2020.07.11 වන දින එම ස්වර්ණාභරණ සොරකම සිදුව ඇත.
පසුගිය කාලයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිදුවු සොරකම් සම්බන්ධයෙන් යුවළක් පිළිබඳ නිරීක්ෂණය වු බව මහජන සම්බන්ධතා හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා පැවසීය.
අද (16) දහවල් පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, එම යුවළ කොළඹ නගරයේ ලියාපදිංචි අපරාධකරුවන් වන බවය.
මේ වන විට එම යුවළ වෙනත් ප්‍රදේශවලට ගොස් අපරාධ සිදුකරන බවට තොරතුරු අනාවරණය වෙමින් ඇති බවත්, ඔවුන් නම් වෙනස් කරමින් අපරාධවල නියැලෙන බවත් නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
දෙමටගොඩ ප්‍රදේශයේ රන් භාණ්ඩ සොරකම සිදුකරනු ලබන වීඩියෝ වේ සිටින්නේ ද එම අපරාධකරුවන් වන බැවින් ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් වහාම දැනුම් දෙන ලෙස ත් නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ප්‍රධාන සැකකරු අංක 42, හල්පේ පංසල අසල, මීරිගම ප්‍රදේශයේ පදිංචි ඉඹුලාන අප්පුහාමිලාගේ සුදර්ම සඳරුවන් නොහොත් අසේල සඳරුවන් වන අතර, ප්‍රධාන සැකකාරිය අංක 19/02, කරවිල කුඹුර, කටාන, මීරිගම යන ලිපිනයේ පදිංචි සමරකෝන් රාළලාගේ දිල්හානි කුමාරි යන අයෙකි.
එම ප්‍රධාන සැකකරු 126/2014 යන අංකය යටතේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් ලෙස ලියාපදිංචි කර ඇති අතර, සැකකාරිය අංක 1146 යටතේ ලියාපදිංචි කර තිබේ.