Sep
07
වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් එවූ සුද්දි
වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් මත්කුඩු, ජංගම දුරකථන බැටරි 10ක් සහ මුදලින් රුපියල් 36,000ක් විසි කිරීමට ගිය පුද්ගලයෙකු බොරැල්ල, සීවලිපුර ප්‍රදේශයේදි ඊයේ (06) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේය.
එම පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 725 ක් සොයා ගැනුණු අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ "සුද්දි" නැමැත්තියකගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය විසි කොට ඇති බවය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත වී සිටින සිය මව වන "හාමිනා" නම් කාන්තාවට සුද්දි විසින් මෙලෙස මත්කුඩු ලබා දෙන්නට උත්සාහ කර ඇති බව පොලීසිය පවසයි.
මේ අතර හෙරොයින් ග්‍රෑම් 2ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 250ක් සමග මාතලේ ප්‍රදේශයේදී දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතලේ දුෂණ මර්දන ඒකකය අද සමත් විය.
ඒ ත්‍රිරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදීය.
ඔවුන් සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය සඟවා තිබුණේ ත්‍රීරෝද රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පුව තුළය.
සැකකරුවන් දෙදෙනා මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පයාගල ප්‍රදේශයේ කලක සිට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත වූ සැකකරුවන් සිව්දෙනෙකු පයාගල පොලීසිය විසින් ඊයේ හෙරොයින් ග්‍රෑම් 32ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර, අද උදේ 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 358 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් 340 දෙනෙකුම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවූවන් බව පොලීසිය පැවසීය.
සෙසු පිරිස වෙනත් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 482 යි මිලිග්‍රෑම් 274 ක් සහ ගංජා ග්‍රෑම් 349 යි මිලිග්‍රෑම් 730 ක්ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය.