Sep
06
ජීවිතයත් මරණයත් අතර සටනක් කළ අලි පැන්චා
පොළොන්නරුව දිවුලාන විල්ලුවේ මඩ වගුරක වැටී සිටි කුඩා අලි පැටවකු බේරා ගැනීමට පොළොන්නරුව වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා.
ඒ පොළොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ මෙහෙයුමකදියී.
ඊයේ(05) සවස අලි පැටවා මේලෙස අනතුරට ලක්ව තිබෙන බවයි සඳහන් වන්නේ.
එම සත්වයාගේ සිරුරේ වැඩි ප්‍රමාණයක් මඩෙහි එරී තිබූ බවත් තවත් පැය කිහිපයක් ගත වූයේ නම් අලි පැටියා සොයා ගැනීමට නොහැකි වන්නට ඉඩ තිබූ බවත් වනජීවී නිලධාරින් වැඩිදුරත් ප්‍රකාශ කළා.
එලෙස අනතුරට පත්ව ඇත්තේ අවුරුද්දක් පමණ වයසැති අඩි 4 කට ආසන්න උසකින් යුත් පිරිමි සත්වයෙක්.
පැය පහක පමණ මෙහෙයුමකින් අනතුරුව වනජීවී නිලධාරීන් විසින් බේරා ගත් අලි පැටවා මව් ඇතින්න සිටින අලි රංචුව වෙත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.