Oct
28
හෙට සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය
හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.
නමුත් බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මකවන බව යුද හමුදාපතිවරයා පැවසීය.
එසේම සිකුරාදා (30) දිනයේ බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන හෙයින් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශයන් හී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් හෙට (29) දින උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වා විවෘත කර තැබිය යුතු බවද රජය නිවේදනය කරයි.
නොවැම්බර් මස 02වන දායින් පසුව, මීට කලින් නිවේදනය කරන ලද පරිදි එක් එක් දිස්ත්‍රික්කයන් හී නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය වෙළෙඳසැල් සහ ඖෂධහල් සතියට දින 02ක් විවෘත කිරීමට කටයුතු කරනු ඇති බවද සඳහන් කරයි.