Jan 08

විදුහල් බිමේ දී සිසුවියක ක්ලාන්තවී වැටෙයි - ආසාදිත බව සොයාගෙන


දම්පේ සියනෑ ජාතික පාසලේ ශිෂ්‍යාවකට හා එහි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී ඇත. ඉන් අනතුරුව සිසුවියගේ ආශ්‍රිත සිසුන් තිස්දෙනකු හා අනධ්‍යයන සේවකයාගේ ආශ්‍රිතයන්ද නිරෝධායනයට ලක් කර ඇත.

එම විදුහලේ විදුහල්පති අනුරාගොඩ ධම්මාරාම හිමි පවසන පරිදි අ.පො.ස. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණයේ අයැදුම් පත් ලබා ගැනීමට පැමිණි සිසුවියක විදුහල් බිමේ දී හදිසියේ ක්ලාන්ත වී ඇත. පසුව අනාවරණය වී ඇත්තේ කොවිඩ් ආසාදිතයකු නිසා ඇයගේ නිවස නිරෝධායනයට ලක් කර තිබූ බවයි.

එමෙන්ම ආසාදිතයකු හමුවීම නිසා නිරෝධායනයට ලක් කළ නිවසක සිට විදුහලට අනධ්‍යයන සේවකයකු ද පැමිණ ඇති බව මේ අතර අනාවරණය වී ඇත. තවදුරටත් සොයා බැලීම්වලදී පෙර කී සිසුවියට හා අනධ්‍යයන සේවකයාට කොවිඩ් ආසාදිත බවද හෙළි වී ඇත.

මේ අනුව, සෞඛ්‍ය අංශ උපදෙස් මත අදාළ පිරිස නි​රෝධායනයට ලක් කළ බවද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

කෙසේ වෙතත් දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.එස්. බණ්ඩාරනායකගෙන් මේ පිළිබඳ විමසීමේ ඔහු පැවසුවේ, මාධ්‍ය විමසන තෙක් විදුහල් පරිපාලනය මේ පිළිබඳ තමන් දැනුවත් නොකළ බවයි.

ආරියපාල වීදාගම – දොම්පේ
ප්‍රසංග පාවුළුහේවා – කටුනායක
aruna.lk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.