Sep
04
19 අපේ උගුලක් ! අහෝසි කරන්න ගියොත් විනාසයි
හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ ස්වාධීන කොමිසන් සභා ඇති කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය උගුලක් බවයි.
එම සංශෝධනයට අතගසන ඕනෑම අයකු විනාශ වන බවත් 19 සංශෝධනය සම්මත කළ පසු එය අහෝසි කිරීමට යාම මහා විනාශයක ආරම්භයක් බව ද ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග සිරිකොතේ දී පැවැති සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පල කරන ලදී.
19 සංශෝධනය අහෝසි කිරීමට ජනතාවට පීඩාවට පත් කිරීමක් ද පැවසූ බව පැවසූ ඔහු එම සංශෝධනය තවදුරටත් පවත්වාගෙන යාම ජනතාවගේ අපේක්ෂාව බවද පැවසීය.
එම සංශෝධනය ගෙන ආවේ විධායක ජනාධිපති ධුරයේ සියලු බලතල අහෝසි කිරීමට වුවත් අධිකරණය විසින් ලබාදුන් නිර්ණායක අනුව සංශෝධනය යම් යම් වෙනස් කිරීම් සිදු කිරීමට සිදුවු බවද වික්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කලේය.