Sep
04
සයුර මැදදී හිංසනයට ලක්වූ දරුවාගේ දුක බලන්න ඇමති යයි
සයුර මැදදී හිංසනයට ලක්වූ මාතර මිරිස්ස ප්‍රදේශයයේ පදිංචි 16 හැවිරිදි පිරිමි දරුවාගේ වර්තමාන තත්වය සොයාබැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පසුගියදා එම නිවසට පැමිණියේය. ඒ සඳහා කොටවිල පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් ද සභාගී විය.
හිංසනයට ලක්වූ දරුවා ඇතුළු එම පවුලේ සාමජිකයන් මුහුණ දී සිටින ආර්ථික අපහසුතා ද මෙම ඛේදනීය සිදුවීමට එක් හේතුවකි. ඒ අනුව මෙවන් සිදුවීම් වලදී නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද පීඩාවට වූ පවුලට ආර්ථිකමය සවියක් වීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.
ඒ අනුව මේවන විටත් දරුවාගේ මවට ස්වයං රැකියාවක නිරතවීමට අවශ්‍ය පහසුකම් සැපයන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
අමාත්‍යවරයා මීට පෙර මෙම දරුවාගේ නිවසට පැමිණි අවස්ථාවේ පොරොන්දු වූ පරිදි එම පවුලට ජීවත් වීමට සුදුසු නිවසක් සකස් කරගැනීම සඳහා අවශ්‍ය පළමු අදියරේ මූල්‍ය ප්‍රදානය ද එහිදී සිදුවිය.
ඊට අමතරව මෙම පවුලේ බාල දරුවාගේ අධ්‍යාපන කටයුතූ සඳහාද පූර්ණ කාලීන ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමට ද කටයුතු කළේය.