Sep
04
ඉන්ධන නෞකාවේ ගින්න දළුලයි.. මුහුදු කලාපය දැඩි අවදානමේ
ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමකට ලක්වූ MT New Diamond නෞකාව මේ වන විට සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 25ක් දුරින් පිහිටා තිබෙන බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කර සිටිනවා.
යම් හෙයකින් මෙම නෞකාවේ ගබඩා කොට තිබෙන බොරතෙල් මුහුදට කාන්දු වුවහොත් හෝ එය පුපුරා ගියහොත් ඇතිවිය හැකි ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට දැඩි හානි සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික යාත්‍රා කිහිපයක් උත්සාහ දැරුවද එය පාලනය කිරීමට මෙතෙක් හැකිව නැත.
නෞකාවේ කපිතාන්වරයා සමඟ සාකච්ඡා කරමින් එම නෞකාවේ සැලැස්ම පිළිබඳ අවබෝධයෙන් මෙම ගින්න පාලනය කිරීමට උත්සාහ ගනිමින් සිටින බව නාවුක හමුදාව කියයි.
දැනටමත් අනතුරු අඟවා ඇත්තේ මෙම නැවේ තෙල් මුහුදට එක් වුවහොත් ශ‍්‍රී ලංකාවේ මුහුදු කලාපයටද දැඩි ලෙස බලපෑම් එල්ල වනු ඇති බවයි.