Dec
18
කොවිඩ් වැළඳුනු තරුණියක් සමඟ සේවකයා සෙල්ෆි ගහලා කරගත්ත දේ
කොරෝනා ආසාදිත තරුණියක් සමග සෙල්ෆි ඡායාරූප ගත් සෞඛ්‍ය අංශ සේවකයකුට දින 14ක් නිරෝධායනය වීමට සිදුවීමේ පුවතක් මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයකින් වාර්තා වේ.
එම පළාත් පාලන ආයතනය පිහිටි නගරයට පිටින් පැමිණි තිස්පස් දෙනකුගේ කණ්ඩායමක සිටි හත් දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා ඔවුන් ප්‍රතිකාර සඳහා යවා සෙසු පිරිස ස්ථාන දෙකක නිරෝධායනයට යොමුකර තිබේ.
මෙහිදී තරුණයන් සහ තරුණියන් ස්ථාන දෙකක නිරෝධායනයට යොමුකර තිබුණි.
එම තරුණියන් සමග සෙල්ෆි ඡායාරූප ගත් දෙදෙනකු මෙලෙස නිරෝධායනයට යොමුකර ඇත.එම තරුණියගේ පී.සී.ර්. ප්‍රතිඵල මත එක් තරුණියකට වයිරසය ආසාදනය වී ඇති බවද තහවුරු වී තිබේ.
එම පළාත් පාලන ආයතනයේ සෞඛ්‍ය අංශ මගින් එම තරුණියන් සිටි ස්ථානයේ වටපිටාව සඳහා විෂබීජහරණ වැඩපිළිවෙළක් සකස් කොට එය තම සේවකයන් දෙදෙනකු හට භාරදී උපදෙස් ද ලබාදී පිටත් කර හැර තිබේ.
ගෝලයන් දෙදෙනා වැඬේ හොඳටම සිදුකොට එය තම ප්‍රධානීන්ට පෙන්වීම සඳහා එක් අයකු තරුණියන් සිටි නිවසේ ඇතුළට ගොස් එහි සිටි තරුණියන් සමග සෙල්ෆි ඡායාරූප ද රැගෙන නැවත තම සේවා ස්ථානය වෙත පැමිණ තමන් වැඬේ හොඳටම කළ බව පවසා එය තහවුරු කිරීම සඳහා ගත් සෙල්ෆි ඡායාරූප ද පෙන්වා තිබේ.
සුරංග දිල්හාන්