Aug
21
හිටපු ජනාධිපති මෛත්‍රිට ලැබෙන නියොජ්‍ය අග්‍රාමාත්‍ය තනතුර ගැන ඉගියක්
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දවසේ 9 වන පාර්ලිමේන්තුව මංගල සැසිවාරයට සහභාගිවී මාධ්‍යය වෙත අදහස් දැක්වූවා.
එහිදී නව කතානායකවරයාට සුබ පැතුම් එක්කර අතර සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සහයෝගය දක්වන බවත් සඳහන් කර සිටියා.
ඉදිරියේදී තමන්ට ලැබීමට නියමිතය නියොජ්‍ය අග්‍රමාත්‍යධුරය පිළිබඳව මාධ්‍ය වෙදින් කරුණු විමසීමේදී එයට පිලිතුරු නොදීමට හිටපු ජනාධිපති පියවර ගන්නා ලදී.
කෙසේ වෙතත් ග්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර අමාත්‍යතුමා ගෙන් අදාළ කාරණය පිළිබඳව කරුණු විමසීමේ දී සඳහන් කර සිටියේ හිටපු ජනාධිපති තුමා හට නියොජ්‍ය අග්‍රාමාත්‍ය ධූරය හිමිවන බවත් මූලික සාකච්ඡා සිදු කරන අවසන් බවත්, ඊට අදාළ රාමුව සකසා ඇති බවත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග එම තනතුර හිමිවෙන බව දයාසිරි ජයසේකර අමාත්‍යතුමා සඳහන් කර සිටියා