Aug 21

පළමු පක්‍ෂ නායක රැස්වීම ගාලගෝටියක් වෙයි


09 වැනි පාර්ලිමේන්තුවේ විවාදයන් සඳහා කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුකාරී තත්ත්වයක් මත පළමු පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී විපක්ෂයේ නියෝජිතයන් විසින් තමන්ට වැඩි කාලයක් දෙන්නැයි ඉල්ලා තිබේ.

සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තු විවාද වල දී විපක්ෂයට වැඩි කාලයක් ලබාදෙන නිසා මෙවරද විපක්ෂයට 60% සහ ආණ්ඩු පක්ෂයට 40% ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්‍ෂ නියෝජිතයින් ඉල්ලා තිබේ.

නමුත් ඊට දැඩි විරෝධය පළ කර ඇති සභා නායක දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පෙන්වා දී ඇත්තේ ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150කට වඩා සිටින නිසා ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40% බැගින් වෙලාවන් ලබාදීම සාධාරණ බවයි.

එසේ නොවන්නේ නම් ජනතා ඡන්දයෙන් තේරී පත්වී සිටින ආණ්ඩුවේ මහජන නියෝජිතයන්ට දැඩි අසාධාරණයක් වන බවද ඔවුන් පවසා තිබේ.

එහිදී ඊට එකඟ නොවි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ එසේ කටයුතු නොකළහොත් ආණ්ඩුවට තනිවම පාර්ලිමේන්තුව කරගන්නට ඉඩ දී විපක්ෂය ඉවත් වී යන බවයි.

පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තත්ත්වය සමනය කරමින් පවසා ඇත්තේ මේ ගැන ඉක්මනින්ම තීන්දුවක් ගන්නා බවය.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය අනුව ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40%ක් ලෙස කාලය ලබාදීමට පක්ෂ නායකයන් අවසානයේදී එකග වී ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.