Aug
21
සුපිරි බොලිවුඩ් නළු සුෂාන්ත් සිංගේ මරණයට වගකිව යුත්තේ පෙම්වතිය ?
සියදිවි හානි කර ගත් බවට විශ්වාස කළ බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට මධ්‍යම බුද්ධි කාර්යාංශයට දැනුම් දී තිබේ.
පසුගිය ජූනි 14 වන දා සුෂාන්ත් සිංගේ මළ සිරුර මුම්බායිහි ඔහුගේ මහල් නිවාසයෙන් හමු විය. පොලිසිය පැවසුවේ ඔහු සියදිවි හානි කරගෙන ඇති බවය.
එතැන් සිට ඔහුගේ වෘත්තිය ජීවිතය, ආර්ථික තත්ත්වය සහ මානසික සෞඛ්‍ය තත්ත්වය ආදිය ප්‍රධාන සිරස්තල බවට පත්විය.
එම මරණය පිළිබඳව විමර්ශනය කළ යුත්තේ, මුම්බායි පොලිසිය ද? එසේ නැතහොත් ඔහුගේ මව් ප්‍රාන්තය වූ බිහාර් පොලිසිය ද? යන්න පිළිබඳව මතගැටුමක් නිර්මාණය වී තිබිණි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, එහි විමර්ශන කටයුතු මධ්‍යම බුද්ධි කාර්යංශයට පවරන ලෙසය.
මෙම මරණය සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය සතු සියලු සාක්ෂි මධ්‍යම බුද්ධි කාර්යංශයට භාර දෙන ලෙස ද අධිකරණය නියෝග කළේය.
මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව පවසමින් සුෂාන්ත් සිංගේ පවුලේ සාමාජිකයින් ඔහුගේ පෙම්වතිය වූ රීයා චක්‍රබෝර්තිට එරෙහිව නඩු පවරා තිබිණි. රීයා චක්රබෝර්තිගේ ඉල්ලීම වූයේ ද මෙම විමර්ශන කටයුතු මුම්බායි පොලිසියෙන් ඉවත් කරන ලෙසටය.
ඇයට චෝදනා එල්ල වී ඇත්තේ, ඇය සුෂාන්ත් සිංගේ මුදල් වංචනික ලෙස ලබා ගත් බවටය.
ඇය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ අතර මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලීමක් ද කර තිබිණි.
සුෂාන්ත් සිං උපත ලැබුවේ ඉන්දියාවේ දිළිඳු ප්‍රාන්තයක් වන බිහාර් ප්රාන්තයේය. ඔහු අතිශය දුෂ්කර ජීවිතයක් ගෙවමින් වුව ද, ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ඉංජිනේරු විද්‍යාලයකට ඇතුළත් වූයේ එරට මධ්‍යම පාන්තික පවුලක දරුවන්ගේ අනාගතය ශක්තිමත් කර ගැනීම සඳහා තිබූ හොඳ ම මාර්ගය එය වූ හෙයිනි.
එහෙත් ඔහුගේ හදවත යොමු වී තිබුණේ, රංගනය දෙසටය. ඒ අනුව, ඉංජිනේරු විද්‍යාලයට සමුදුන් ඔහු බොලිවුඩ් සිනමා කර්මාන්තයේ තිඹිරිගෙය බඳු මුම්බායි වෙත ගියේය.
එහිදී මුලින් ම ඔහු සුළු චරිත සඳහා රංගනයෙන් දායක වූ අතර පසුව එක් රූපවාහිනී නාට්‍ය මාලාවක ඔහු කළ රංගනය අතිශය ජනප්‍රිය විය.
ඔහුට බොලිවුඩ් සිනමාව කර පිය නැගීමට ඉඩකඩ සැලසුණේ ඉන් පසුවය.
ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව අනුසාරයෙන් නිපදවූ MS Dhoni - The Untold Story නමැති චිත්‍රපටයේ දෝනිගේ චරිතය රඟපෑමෙන් පසු සුෂාන්ත් සිං වඩාත් ජනප්‍රියත්වයට පත්විය.