Aug 21

කරුගේ වීඩියෝවකින් සිරිකොත ඇවිලෙයි, කරුගෙන් වහා නිවේදනයක්


හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප‍්‍රවෘති නිවේදනයයි

හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය මහ මැතිවරණ සමයෙහි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂකයෙක් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමක් පිළිබඳව කිසියම් පිරිසක් විසින් සඳහන් කළ බවට මාධ්‍යන් හි පළව ඇති ප‍්‍රවෘතියට අදාලව කරුණු පැහැදිළි කිරීමයි.

කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් සමුගත් පසුව දෙදරා යමින් තිබූ එක්සත් ජාතික පක්ෂය සමගිකරවීමට අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව විශාල උත්සාහයක් දැරූ බව කිසිවෙකුට රහසක් නොවේ.

නමුත් ඉතා අවාසනාවන්ත ලෙස එම උත්සාහය නිෂ්ඵල වූ විට කිසිඳු පාර්ශවයකට සහාය නොදී මුළුමනින්ම ස්වාධීනව සිටීමට එතුමා තීරණය කරන ලදි. ඒ අනුව සිය පාර්ශව⁣යන්ගෙන් මැතිවරණයට තරඟ කරන ලෙස හා එසේ නැතහොත් ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම ඇතුළත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් හා සමගි ජන බලවේගයෙන් ලැබුණු ඉල්ලීම්ද ස්තුති පූර්වකව ප‍්‍රතික්ෂේප කරන ලදි.

එපමණක් නොව සිය බෑණනුවන් වූ නීතීඥ නවින් දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට හෝ දේශපාලනිකව කිසිඳු ආකාරයකින් දායක නොවෙමින් සිය ස්වාධීනත්වය රැකගැනීමට එතුමන් කටයුතු කරන ලදි.

එසේනම්, සමගි ජනබලවේගයේ අපේක්ෂකයෙකු වූ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමට ඔහුගේ වීඩියෝ පටයකට කරු ජයසූරිය මහතා අදහස් දක්වා ඇති බවට වන සඳහනෙහි පදනම කුමක්ද?

ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා එම කාලය තුළ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ එක්ව යොවුන් පාර්ලිමේන්තු සංකල්පය සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ ආකාරය පිළිබඳව ප‍්‍රසාදයක් එවකට කථානායකවරයා තුළ තිබිණි. 2019 සැප්තැම්බර් 03වන දින කථානායකවරයා හමු වූ එරන්ද වැලිඅංගේ මහතා ඉදිරියේදී තමා පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීමට අපේක්ෂවෙන් සිටින බැවින් තමා පිළිබඳ ඇගයීමක් සිදුකරන ලෙස කථානායකවරයා ගෙන් ඉල්ලා සිටින ලදි. එවකට එක්සත් ජාතික පක්ෂය කිසිඳු ආකාරයකින් දෙකඩ වී නොතිබූ අතර නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියේය. එමෙන්ම ඒ වනවිට සමගි ජන බලවේගය නමින් දේශපාලන පක්ෂයක් බිහි වීම පිළිබඳව අදහසක්වත් පළව නොතිබිණි. සමගි ජන බලවේගය බිහි වූයේ ඉන් මාස ගණනාවකට පසුය.

කෙසේ වෙතත් එම අදහස් දැක්වීමේ දී පුද්ගලයෙකු ලෙස එරන්ද වැලිඅංගේ මහතා පිළිබඳව ස්වකීය අදහස ඒ මහතාගේ ඉල්ලීම පරිදි සුභපැතුමක් වශයෙන් ප‍්‍රකාශ කළ අතර දේශපාලන පක්ෂයක් පිළිබඳව කිසිඳු සඳහනක් සිදුකර නැත.

කෙසේ වෙතත් දේශපාලනිකව විනාශ වී අවසන් පිදුරු ගසේ එල්ලීමට උත්සාහ දරණ අසාර්ථක පුද්ගලයන් අතලොස්සක් විසින් කරු ජයසූරිය මහතා උගත් තරුණයෙකු පිළිබඳව පළ කරන ලද අදහසක් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කරන ලද ප‍්‍රකාශයක් ලෙස හුවා දැක්වීමට කරනු ලබන නිර්ලජ්ජිත උත්සාහය කණගාටුවෙන් යුතුව හෙළා දකිමු.

- කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.