Aug 21

සමාජ මාධ්‍ය කළඹමින් හැමෝම කතාකළ අවිෂ්ක පුතාගේ ඇත්තම කතාව එළියට (වීඩියෝ)


පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ 12 හැවිරිදි වියේ පසුවූ රාගම ප්‍රදේශයේ වෙසෙන අවිෂ්ක නමැති දරුවා පිළිබඳව සොයා බලන්න ඔහුගේ නිවහනට ගියා.

"මට හැමෝම පිස්සා කියනවා.ස්කොලේ යන්න ආසයි. ස්කොලේදී  ළමයිනුත් මාව කොන් කළා ,මට බැන්නා.සෙල්ලම් කරන්නත් ආසයි.එත්  කවුරුවත් මාව සෙල්ලම් කරන්න ගන්නේ නැහැ''.අහල පහල දරුවන්  සෙල්ලම් කරණ දෙස බලා සිතින් හඩන පුංචි පුතෙක් රාගම හීන්කෙන්ද  ප්‍රදේශයේ  ජිවත් වෙනවා ..
මේ පුතාගේ නම අවිශ්ක නයනජිත්.

වයස අවුරුදු 12 ක් වෙන අවිශ්කට මේ වනවිට සිය පාසල් ගමනත් අහිමි වෙලා.

ඒ ඔහුට අඩු මානසික වර්ධනයක් ඇති බවට සමාජය විසින් ලබා දී ඇති සහතිකයක් නිසා.

කවිශ්ක ට එවැන්නක් නොමැති බව රටට දැනගන්න ලැබුණේ ඔහුගේ පුංචි හපන්කමක් පිළිබඳව සමාජ ජාල මාධ්‍යය ඔස්සේ රටට දැනගන්න ලැබුණු නිසයි.

දුප්පත් කම උපතින්ම දෝත දරාගෙන දිවිගෙවන අවිශ්ක සිටින්නේ රෝගාතුරව දිවි ගෙවන අම්මාත්, ජිවන සටනට උරදී සිටින ආච්චිත් සමඟයි.

පසුගිය දිනවල ඇද හැලුණු අධික වැසි තත්වය හමුවේ අවිශ්ක ගේ පුංචි නිවස හරහා ජලය ගලාගෙන  ගියේ පුංචි අවිශ්ක ගේ ඇස්වලට කදුළැලි එක්කරමින්..ම
"මම නිදා ගන්නේ මේ කාමරේ බිම ..වහිනකොට වතුර ගේ එළියෙන් ඇතුලට එනවා..එතකොට මට නිදාගන්න බැහැ..මම මෙතනට කොන්ක්‍රීට් ගෙනත් දැම්මා ..දැන් කාමරයට වතුර එන්නේ නැහැ .".අවිශ්ක එහෙම කියන විට ඔහුගේ මුහුණේ තිබුණේ පුදුමාකාර සතුටක්.

මොළයේ අඩු වර්ධනයක් ඇතැයි සමාජයෙන් කොන් වී සිටි දරුවාට අනිකුත් දරුවන්ටත් වඩා සිතීමේ ශක්තියක් ඇති බවට තේරුම් ගත්තේ පුංචි අවිශ්කට කොන්ක්‍රීට් බාල්දි දෙකක් දුන් ඉංජිනේරු මහතායි. ..

අවිශ්ක ගේ නිවස පිටුපස මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතියක රාජකාරී කරණ ඉංජිනේරු  ''ශාමල් තිලාන් තුෂාර''  වන ඔහු සමග ද  කතා බස් කිරීමට අපට හැකි වුණා.
''කවිශ්ක මගේ ලඟට ඇවිත් කොන්ක්‍රීට් බාල්දියක් ගන්න පුළුවන්ද ඇසුවා..මම දුන්නා ..මෙයා ආයිමත් ඇවිල්ල කොන්ක්‍රිට් ඉල්ලුවා ..ඒ වේලාවේ මම ඇහුවා පුතාට කොන්ක්‍රීට් මොකටද කියලා..මාමේ මම නිදාගන්න කාමරේට වතුර එනවා ..දොර ළගට දාන්නයි මම කොන්ක්‍රීට් අරගෙන යන්නේ ..මම ඉතින් පුතාට කිවූවා මේ තියෙන කොන්ක්‍රීට් අරගෙන යන්න කියලා''.

ඉංජිනේරු ශාමල් තිලාන් තුෂාර  තවදුරත් අවිශ්ක ගැන අපට විස්තර කිව්වා.

''මේ දරුවා ගැන පසුව මම හොයලා බැලුවා ..ඒ වෙලේ තමයි මම දැනගතේ මෙයා පාසල් යන්නෙත් නැහැ කියලා..මෙයාව සමහරු කොන් කරනවා...නමුත් අවිශ්ක බුද්ධිමත් දරුවෙක් ."

එහෙම කිව්ව  ඉංජිනේරු ශාමල් තිලාන් තුෂාර අවසාන වශයෙන් අපට කිවේ මෙවැනි දරුවන් තවත් ඕනෑතරම් සිටිය හැකි නිසා රටටම දැනගන්න අවිශ්ක ගැන සිය අත්දැකිම්  මුහුණු පොතට එක්කළ  බවයි.

අවිශ්කට තරමක් හොදට ගීත ගයන්නට ද පුළුවන්.

නමුත්  ඔහුට පාසල් අධ්‍යාපනය මගහැරී තිබීම නිසා ඔහුට ඔහුගේ වයසේ සිටින අනිත් දරුවන් තරමට අකුරු ලියන්නට කියන්නට නොහැකියි.නමුත් මේ පුංචි  අවිශ්ක තනියෙන් බස් එකේ සිය නෑදෑයින් බලන්නට  යන්නට තරම් දැනුමක් තේරුමක් තිබෙන දරුවෙක්.

කවිශ්කට පාසල් යන්නට ලොකු ආසාවක් තිබුනත් එක පැත්තකින් ඔහු අවසන් වරට ගිය පාසලේ බලධාරීන් ඔහුට නිසි සැලකිල්ලක් දක්වා නොමැති බවයි ඔහු සහ ආච්චි අම්මා හා අම්මා පවසන්නේ.

අනෙක් පැත්තෙන් අවිශ්කගේ අම්මාට, ආච්චීට,අවිශ්කව  පාසල් යවන්න තරමට වත්කමක් ද  නොමැති වීමත් ලොකු බාධාවක් වී තිබෙනවා.

මේ නිසා හා කවිශ්කව පාසලකින් නැවත භාර නොගනී යන අවිනිශ්චිත තත්වය නිසාත් මෙම දරුවාට දැනට පාසල් දොර වැසී තිබෙනවා.

අවිශ්ක මිට පෙර ජිවත් වූ නිවස, අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියක දී ,ඔවුන්ට අහිමවී තිබෙනවා .

ඉන්පසු ඔවුන්ට ඒ සඳහා  සුළු වන්දි මුදලක් රජයෙන් ලබා දී තිබෙනවා.

මොවුන් රාගම  හින්කෙන්ද ප්‍රදේශයට පදිංචියට එන්නේ ඒ අනුවයි.

අවිශ්කට උදව් කරණ පුවලක තරුණයෙක් ද අපට හමුවුණා..ඔහු රාගම හීන්කෙන්ද  ප්‍රදේශයේම පදිංචි නිලන්ත රොෂාන් ය.

"කවිශ්කට බොහෝ වේලාවට තුන් වේලටම කෑම කන්නේ අපේ ගෙදරින්.අනිත් දරුවන්ගෙයි අවිශ්කගෙයි ලොකු වෙනසක් මම දකින් නැහැ .ඒ නිසා මේ පුතාට සමාජයෙන් අසාධාරණයක් වෙලා තියෙනවා.අපිටත් හැමදාම මෙයාව  බලාගන්න අපහසුයි. "

එහෙම කිව්ව ඔහු මේ දවස් වල කවිශ්කව බලන්න එන හැමෝගෙන්ම  ඉල්ලීමක් කළා .

ඒ, මේ පුතාව, මේ සිදුවීමෙන් නැතහොත් මේ සමාජ ජාල අවධානයෙන් පසු අමතක නොකරණ ලෙසයි.

"ආයිත් දවසක මාව බලන්න එන්න" පුංචි අවිශ්ක අපගෙන් කළ ඉල්ලීම වුයේ ද  එයයි.

- Hiru News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.