Dec 10

විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ දින ගණන අඩු කෙරේ


විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අද දිනයේදී නිකුත් කිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

නව ක්‍රමවේදය අනුව විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් යලි නිවසට ගොස් දින 14ක් නිරෝධායනය වීමේ ක්‍රමවේදය මේ ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි මෙහිදී හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

ඉදිරි සති කිහිපයේදී ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ජා සිදුකළ බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.

මේ අතර විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගුවන් තොටුපොළේදී මුහුණදෙන ප්‍රමාදය මග හරවා ගැනීම සඳහා ද ගුවන් තොටුපොළ බලධාරීන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ජා කළ බවද මෙහිදී යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.