Oct 11

ඉන්දියාවෙන් ආ තිදෙනෙක් නිසා අනලතිව් සීමා පනවයි


යාපනය අනලතිව් දූපතේ පුද්ගලයින් තිදෙනෙකු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට රැගෙන එන ලද කහ තොගයක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසුව එවුන් සැරිසරන ලද ප්‍රදේශයේ නිවෙස්වල ජනතාවට ස්වයං නිරෝධායනය වීමට උපදෙස් ලබා දී ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.

පසුගිය 09 වනදා අනලතිව් දූපතේ පදිංචි තිදෙනෙකු ඉන්දියාවේන් රැගෙන එන ලද කහකැබලී කිලෝ 110 ක් මුහුදු වෙරලේදී කයිට්ස් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බන්ධුල ප්‍රියන්ත මහතා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් අතර අදාල සැකකරුවන් ඉන්දීය ජාවාරම් කරුවන් සමීව ඇසුරු කිරීමත් හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන පී.සී.ආර්. පරික්ෂණයක් සඳහා යොමු කොට නිරෝධායනය කරීමට හා අත්අඩංගුවට ගත් කහ තොගයන් විනාශ කිරීමටද අධිකරණ නියෝගයන් ලබා ගත් බවට පොලීසිය පැවසීය.

එමෙන්ම මේ වන විට අනලතිව් දූපතේ අදාල සැකකරුවන් සැරි සැරූ ප්‍රදේශයන්හි ජනතාවට ඉතා සැලකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් නිවෙස්වෙතට වී සවයං නිරෝධායනය වීමට සෞඛ්‍ය නිලධාරීන්ගේද අධීක්සණයන් යටතේ පොලීසියේද සහයෙන් උපදෙස් ලබා දී ඇති බවටත් අද දිනයේදී ප්‍රදේශයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසුදරුවන් සඳහාද අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත.

- වන්නි රොමේෂ් මධුෂංඛ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.