Jun 08

දුලානිගේ ජීවිතයට කොරෝනාවෙන් බලපෑමක්


ඇය බොහෝ විට අප නෙත ගැටෙන රංගන ශිල්පිණියක් වී සිටින්නේ සිනමා නිර්මාණ ඔස්සේයි. කුඩා කල පටන් නර්තනයට උපන් දක්‍ෂතා නිසාම ඒ ඔස්සේ යමින් නර්තන ගුරුවරියක් ලෙසට අනාගත පරපුරේ දෑස පාදමින් සිටින දුලානිගේ තොරතුරු පිළිබද අප සොයා බැලූවා.

 දුලානි මොනවද අලූත් විස්තර?

 නොහිතපු මොහොතක ගෙදරට හිරවෙන්න වුණා. ඉතිං ඒ තනිකම එක්ක ජීවිතේ බොහෝ දේවල් අවබෝධ කර ගනිමින් අම්මයි තාත්තයි එක්ක විවේකයෙන් ඉන්නවා.

 මෑත කාලයේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න තිබුණද?

 ඔව්, ඇත්තටම කොරෝනා මගේ ජීවිතේට ලොකුවට බලපෑවා. මොකද මගෙ කකුලට වුණු ආබාධයක් නිසා වසර දෙකක් හරියට වැඩක් කරන්න බැරිවුණා. ඒ නිසා මේ වසරේ ලොකු වැඩ කොටසක් ප්ලෑන්කරගෙන හිටියා. ඒ අතරේ නර්තන ප‍්‍රසංගයක් සඳහා ඕස්ටේ‍්‍රලියානු සංචාරයක් තිබුණා. අලූත් චිත‍්‍රපටයක රූපගත කිරීම් තිබුණා. ඒ හැමදේම අතරමග නැවතුණා.

 ඔබ නිතර නිර්මාණවල දකින්න නැත්තේ ගුරුවරියක් නිසාද?

 ගුරු වෘත්තියත් ආරක්‍ෂා කරගනිමින් මට ගැලපෙන කැමැත්තකින් කරන්න පුළුවන් දෙයක් නම් විතරයි මම භාරගෙන කරන්නේ.

 ඒ කියන්නේ මුල් තැන දෙන්නේ ගුරු වෘත්තියටද?

 ඔව්. මුල් තැන දෙන්න වෙලා තියෙනවා.

 ගුරුවරියක්වීම ගැන සතුටක් නැද්ද?

 ගුරුවරියක්වීම තමයි කුඩා කාලේ සිටම මගේ අරමුණ වුණේ. රංගනයටත් මම ගොඩක් ආසයි. නමුත් මගේ වෘත්තිය නිසා ර`ගපාන්න යම් පිටපතක් තෝරා ගැනීමේදී ගුරුවරියකගේ යුතුකම් ආරක්‍ෂා කරගන්න කැපවෙනවා.

 නිළියක්වීම ගුරු වෘත්තියට බාධාවක් වුණ අවස්ථා නැද්ද?

 ගුරුවරිය කියන්නේ මගේ ඇගේ තියෙන දෙයක්. නිළියක් කියලා හිතාගෙන උදච්ච මානසිකත්වයකින් ළමයි අතරට ගිහින් උගන්වන කෙනෙක් නෙමෙයි මම. ඒ නිසා කවදාවත් පාසලේදී ප‍්‍රශ්නයක් වෙලා නැහැ. ඒ මං යන්නේ කොහේද කියලා අවබෝධයකින් යන නිසා වෙන්න ඇති.

 ඔබ කට කතාවලට මුහුණ දෙන්නේ කොහොමද?

 මම දන්න තරමින් එහෙම කටකතා හැදිලා නැහැ. මගේ පාසැල පානදුර ශ‍්‍රී සුමංගල බාලිකා විද්‍යාලය විදුහල්පතිනිය දන්නවා මට ගුරුවරියක් හැටියට මගේ වගකීම කිසිම අඩුවක් නැතිව ඉටු කරනවග. ඒ විශ්වාසය මට ලොකු ශක්තියක්.

 දුලානි චරිත තෝරා ගැනීමේදී යම් ඒකාකාරී බවක් දැනෙනවාද?

 මට නම් එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. මෙතෙක් ර`ගපෑව සිනමා නිර්මාණ වුණ අබා, කුවේණි, පටාචාරා චරිත ගත්තත් එකකට එකක් වෙනස් චරිත. ඒ හැම චරිතයකටම දිවෙන කාල වකවානු පරස්පරයි.

 නිර්මාණකරුවා ඔබ යම් චරිත රාමුවකට කොටු කරලද?

 ඇත්තටම නැහැ. නිර්මාණ ලැබෙනවා. මම නිර්මාණයක් කරලා මේ සමාජයේ පවතින්න ඕනේ. මගෙ නිදහස තියෙන්න ඕනේ. එහෙම ගිහින් බොහෝ දෙනා අතර ඕනෑවට වඩා කතා බහ වෙනවටවත් මම කැමැති නැහැ.

 පුංචි තිරයෙන් ඇයි මෙතරම් ඈත්වෙලා ඉන්නනේ?

 කාල වේලාව පිළිබඳ ගැටලූව තමයි මූලික වෙලා තියෙන්නේ. අවුරුද්දකට ලැබෙන පාසල් නිවාඩු ටික ඇත්තටම මම ඉතුරු කරගෙන ඉන්නේ සිනමා පටයකට සම්බන්ධ වෙන්න. ඒ නිසා වෙන්න ඇති ටෙලිනාට්‍යවල ඉතාම අඩුවෙන් වැඩ කරන්නේ.

 තවම විවාහ වෙන්න අදහසක් නැද්ද?

 අදහසක් තියෙනවා.

 ඒ කියන්නේ දැන් පෙම්වතියක්?

 එහෙමම කියන්න බැහැ.

 පෙම්වතියක් නෙමෙයි නම් කොහොමද විවාහ වෙන්නේ?

 මම කියන්නේ මම විවාහ නොවී ඉන්නවා කියන එක නෙමෙයි. අනික පෙම්වතෙක් හමුවෙලා විවාහ වෙන්නත් පුළුවන්, යෝජනාවකින් විවාහ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉදිරියේදී විවාහය ගැන ස්ථිරත්වයකට පත්වෙයි කියලා හිතමින් ඉන්නවා.

ලක්මිණී අතුකෝරල
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.