Jan
18
සද්ද විද්ද රාජපක්ස පලගපතිර අඩකුමාරලාගේ රංජන් ලියෝ සිල්වෙස්ටර් අල්ෆොන්සෝ රාමනායක හෙවත් රංජන් රාමනායක මෑත වකවානුවේ සමාජය තුළ දැඩි කතාබහට ලක් වූ චරිතයකි. ජනකාන්ත නළුවකු හා දේශපාලනඥයකු ද වන ඔහු එලෙස සමාජය තුළ දැඩි කතාබහට ලක් වූ චරිතයක් බවට පත් වූයේ සිය රංගන කුසලතාවයන් හෝ දේශපාලන භූමිකාව තුළදී විදහා දැක් වූ විශිෂ්ටත්වයක් නිසා නොව සිය සහෝදර නළු නිළියන්, ප‍්‍රකට හිතවතියන් සමග සිදු කළ ඉතා පෞද්ගලික කරුණු සහිත දුරකථන සංවාද පමණක් නොව සමාජය තුළ මහත් පිළිගැනීමට ලක් වූ අධිකරණ විනිසුරුවරුන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සමඟ පැවැත් වූ දුරකථන සංවාද ඉතා රහසිගතව පටිගත කර සදාචාරාත්මක නොවන ආකාරයෙන් ඒවා සමාජයට මුදාහැරීමෙනි.