Jul 07

දැරිය අපයෝජන කරන්න ගියාට දුර්ගන්ධය නිසා එක්වුනේ නැහැ - විශේෂඥ වෛද්‍ය ඉන්දික රිමාන්ඩ්


ආන්දෝලනයට තුඩුදුන් 15 හැවිරිදි බාලවයස්කාර දැරිය මුදලට ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වූවන් අතර කෝටිපතියන් මෙන්ම ප්‍රභූ පැලැන්තියේ කිහිප දෙනෙකුද සිටි අතර ඊයේ වාර්තාවූයේ පානදුර, බණ්ඩාරගම ප්‍රදේශයේ දී විශේෂඥ වෛද්‍යවරයෙකුද අත්අඩංගුවට පත්වූ බවයි.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගැනුනේ වැලිසර නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය 41 හැවිරිදි ලුතිනන් කමාන්ඩර් ඉන්දික දිමුතු ද සිල්වා ය.ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව මෙම මස 09 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඊයේ (06 වැනිදා) නියෝග කළාය.රුපියල් 20000ක් මුදලකට දැරිය මොහුට අලෙවි කර ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණය වෙත දන්වා සිටියේය.දැරියගේ ජංගම දුරකතනයේ, සැකකාර වෛද්‍යවරයාගේ දුරකතන අංකය ‘‘ඩොක්ටර් දිමුතු’’ යනුවෙන් සටහන් කර තිබූ නිසා එම සැකය මත වැඩිදුර පරීක්ෂණ සිදුකර  ළමා හා කාන්තා කාර්යාංශය වැටළීම සිදුකර ඇතැයිද වාර්තා විය.කොල්ලුපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය අසලදී 15 හැවිරිදි දැරිය සිය මෝටර් රථයට නංවාගෙන ගල්කිස්ස වෙරළබඩ පාරේ පිහිටි ආවානා රිසෝට් හෝටලය වෙත රැගෙන ගොස් තිබූ බවත් පොලිසිය එම හෝටලය වෙත රැගෙන ගොස් දැරිය ලවා කාමරය හඳුනාගත් බවද පොලිසිය අධිකරණය වෙත දන්වා තිබේ.වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමීර රොද්‍රිගු මෙසේ පැවසීය.‘දැරියක් ගැන සලකා බැලුවහොත් මෙය සදාචාරාත්මකව පිළිගත හැකි දෙයක් නොවෙයි. මෙම සිද්ධියට අදාළ තැනැත්තිය හුවා දක්වන්නේ ඇය 19 හැවිරිදි තැනැත්තියක් ලෙසයි. එම නිසා මැගේ සේවාදායකයා නොමග ගොස් තිබෙනවා. ඔහු රෝහල් දෙකක හෘද රෝග විශේෂඥයකු ලෙස ඉතාමත් කාර්ය බහුල කටයුතුවල නිරත වී සිටින ​අයෙක්.
අපි එම ස්ථානයට යනවා. ඒක පිළිගන්නවා. මාගේ සේවාදායකයා විශේෂඥ වෛද්‍යවරයෙක් නිසා ඇය දුටුවිට බාලවයස්කාර දැරියක් ලෙස හඳුනා ගත්තා.‘

මහෙස්ත්‍රාත්වරිය
ඒ කියන්නේ මෙලෙස ගණිකා වෘත්තියේ යොදවන්නේ බාලවයස්කාර දැරියක් කියා ඔහු දැන ගන්නවා.

සැකකරුගේ නීති‍ඥ
ඔව්. ආරක්ෂිත කැමරා දර්ශන බැලුවහොත් ඔහු වහාම එම ස්ථානයෙන් පිටවී යනවා. නමුත් ඔහු ඒ පිළිබඳ පැමිණිල්ලක් කිරීමට ඉදිරිපත් වන්නේ නැහැ. එම තැනැත්තිය බාලවයස්කාර දැරියක් බවට ඔහුට පෙනී ගිය නිසා ඔහු දැරිය සමග එක්වීමක් සිදු වන්නේ නැහැ.

මහෙස්ත්‍රාත්වරිය
තමාට සැකකරු උපදෙස් දී ඇත්තේ දැරිය දුටු විට ඇය අවුරුදු 18ට අඩු දරුවෙක් ලෙස හඳුනා ගත්තා කියා පවසන ලෙසද?

සැකකරුගේ නීතිඥ
දැරියට රූපලාවණ්‍ය ආලේපන කර වැඩි වයසක් පෙන්වා තමයි අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඇත්තේ. එහෙත් මෙම දැරියගෙන් අප්‍රසන්න දුර්ගන්ධයන් හමා තිබෙනවා. ඒ අනුව ඔහු ඇය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරිය
දැරියගේ දුර්ගන්ධය, ස්ත්‍රී දූෂණය අතර තිබෙන තත්ත්වය අධිකරණයට පැහැදිලි නැහැ.

සැකකරුගේ නීතිඥ
ඇයගේ බුද්ධි මට්ටම අනුව ශරීර සෞඛ්‍යය එලෙස පවත්වාගෙන යන්නට ඇති නමුත් මාගේ සේවාදායකයාගේ දැනීම අනුව නිරීක්ෂණය කරලා ඇය බාලවයස්කාර දැරියක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඉන් අනතුරුව ඔහු දැරිය හා සම්බන්ධ වී නැහැ.
ඔහුට ඇප දෙන්න...සැකකරු විශේෂඥ වෛද්‍යවරයෙක් නිසා ඔහු රට අතහැර යන්නේ නැහැ. මේ දිනවල පවතින කොවිඩ් රෝගය සම්බන්ධයෙන් ඔහුට දැඩි වගකීමක් තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරිය
සැකකරු සමාජ දුරස්ථභාවය තබාගත් බව නම් මෙම සිද්ධියෙන් හොඳට පේනවා. සැකකරුගේ සමාජ තත්ත්වය, ඔහු දරන තනතුරු අධිකරණයට අවශ්‍ය නැහැ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත
සැකකරු, දැරියව කොල්ලුපිටිය යුනිටි ප්ලාසා එක අසලදී මෝටර් රථයට නංවා ගන්නා විට ඇය දරුවෙක් බව පෙනී නැහැ. සැකකරු දැරිය රැගෙන ගිය අවානා රිසෝට් හෝටලයේ කෝපි අවන්හලේ කොපි බොනකොට ඔහුට මේ ඉන්නේ දරුවෙක් කියා පෙනුනේ නැහැ. පසුව ලිංගික කටයුතු සඳහා කාමරයක් වෙන් කරවාගෙන, එම කාමරයට යනතුරු සැකකරුට තමන් සමග ඉන්නේ දරුවෙක් කියා පෙනුනේ නැහැ. නමුත් දැරිය කාමරය තුළ දී ඇඳුම් ඉවත් කළ පසු තමයි ඔහුට දැනිලා තිබෙන්නේ මේ ඉන්නේ ළමයෙක් කියලා. සැකකරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යරයෙක්. සැකකරු දරන තනතුරු අනුව ඔහුගේ වගකීම 100%ක්ම පැහැර හැර තිබෙනවා. රජයේ සේවකයකු ලෙස ඔහුගේ වගකීම පැහැර හැර තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරිය
මෙම වින්දිත දැරිය, බාලවයස්කාර දැරියක් බවට තමාට බැලූ බැල්මට නිරීක්ෂණය වුණාද?

ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත
ඔව්.

මහෙස්ත්‍රාත්වරිය
මෙම දැරිය අධිකරණය වෙත ඉදිරිපත් කළ පළමු අවස්ථාවේ දීම ඇය වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක් බවට නිරීක්ෂණය වුණා.

තමාට සිදු වූ දෙය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 124 වගන්තිය ප්‍රකාරව අධිකරණය හමුවේ ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සැකකරු දන්වා සිටි අතර හොඳින් සිතා බලා එම ප්‍රකාශය ලබන 09 වැනිදා ලබා දෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය සැකකරුට නියම කළේය.

තොරතුරු -ඉෂාර රත්නකාර (Aruna)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Trending News of this Week

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.