Jun 22

නිම්මි හරස්ගම හොඳම නිළියට නිර්දේශ වෙයි


 නිම්මි හරස්ගම කියන්නේ ජාත්‍යන්තර සිනමාවේ ඉදිරියෙන් සිටින ශ්‍රී ලාංකීය රංගන ශිල්පිනියක්. මේ දිනවල එංගලන්තයේ ජීවත් වන නිම්මි, නිතරම පාහේ සක්‍රීය ලෙස කලාව වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙනවා. රංගනයට සේම පිටපත් රචනයටද දක්ෂතා දක්වන නිම්මි පසුගියදා තම රංගනය වෙනුවෙන් එංගලන්තයේදී ඉහළ ඇගයීමකට ලක්වුණා.

ඒ බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන ‘බ්‍රිට්ෂ් නැෂනල් ටෙලිවිෂන්’ සම්මාන උළෙලේ හොඳම නිළියගේ සම්මානයට නිර්දේශ වෙමින්.

‘අයි ටීවී’ නාළිකාවේ විකාශය වූ ‘ද ගුඩ් කර්මා හොස්පිටල්’ හි මේරි නම් වූ හෙදියගේ චරිතයට පණ පොවන ඈ එම චරිතය වෙනුවෙන් දැක්වූ අප්‍රතිහත රංගනය නිසා හොඳම නිළිය සඳහා නිර්දේශ වීමට හේතු පාඨය ලෙස සලකා තිබෙනවා.

නිම්මි හරස්ගම රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1997 වසරේදී තිරගත වූ ‘ඉන් ද නේම් ඔෆ් ගෝඩ් පුවර්’ හි මදර් තෙරේසාගේ චරිතයත් රඟපාමිනි. ඉන් අනතුරුව ඇය 2003 වසරේදී ප්‍රසන්න විතානගේ ගේ ‘ඉර මැදියම’ චිත්‍රපටය වෙනුවෙන් සිය දායකත්වය දැක්වීය. යුද්ධයෙන් අතුරුදන් වූ සැමියකු සොයා යන බිරිඳකගේ චරිතයට පණ පොවමින් ඇය තුළ වූ ධනාත්මක චින්තනයෙන් යුතු රංගනය වෙනුවෙන් 2004 වසරේදී ඇය ස්පාඤ්ඤයේ පැවැති 2004 අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ද හොඳම නිළිය සඳහා නිර්දේශ විය. මීට අමතරව ඉර මැදියමේ රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා උළෙලවල් කීපයක්ම නියෝජනය කිරීමට නිම්මි හරස්ගමට හැකිවිය. මීට අමතරව එම වසරේම ශ්‍රී ලංකාවේ පැවැති ජනාධිපති චිත්‍රපට සම්මාන උළෙලේදි ‘විශ්ව කීර්ති’ සම්මානයටද සම්මානයටද ඇය පාත්‍ර වූයේ ඉර මැදියමේ රංගනය වෙනුවෙනි. එම කාලයේදීම ඇය තවත් ඉංග්‍රිසි චිත්‍රපටයක් වූ ‘ මදර් තෙරේසා ඔෆ් කල්කටා’ චිත්‍රපටයටද චිත්‍රපටය සඳහාද තම දායකත්වය සැපයීය. එම චිත්‍රපයද ජාත්‍යන්තර වශයෙන් ඉහළ ප්‍රතිචාර ලබාගන්නා ලදී.

2012 වසරේදී නිම්මි සිය දිවියේ පළමුවැනි දෙමළ චිත්‍රපටය වූ ‘ එනක්කුම් ඔරු පෙයර්’ (මටත් නමක් තියෙනවා) චිත්‍රපටයටද රංගනයෙන් තම දායකත්වය ලබාදුන්නාය. සුබා සිවකුමාර් අතින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය එම,වසරේදී බර්ලින්හිදී පැවැති බර්ලින් අන්තර්ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ ‘ගෝල්ඩන් බෙයාර් ෆෝ බෙස්ට් ෂෝර්ට්’ නම් වූ සම්මානයටද නිර්දේශ විය. එම චිත්‍රපටයේ නිම්මි හරස්ගමගේ භූමිකාවටද විචාරකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබිණි.

රංගනයෙන් නොනැවතෙන නිම්මි හරස්ගම 2011වසරේදි ශ්‍රී ලාංකේය නාළිකාවක් වූ ‘ඊ ටීවි’ හි ‘ආන්ටි නැටා නම් වූ චරිතයක් සමගින් සාකච්ඡාමය වැඩසටහනක් ඇරඹීය. විවිධ මාතෘකා ඔස්සේ පැවති එම වැඩසටහනටද ඉතා ඉහළ ප්‍රතිචාර ලැබිණි.

ඉන් අනතුරුව ප්‍රසන්න විතානගේ ගේ ‘ආකාස කුසුම්’ චිත්‍රපටයේද ප්‍රබල චරිතයක් නිරූපණය කළ නිම්මි හරස්ගම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත තවත් වැඩිදියුණු කරගත් නිළියක් බවට පත්විය. ඉන්පසු ලාංකීය සිනමාවට තාවකාලිකව ආයුබෝවන් කියන ඇය, එංගලන්තය බලා පිටත්ව යයි. එංගලන්තය තුළද නිම්මි හරස්ගමට හිමිවන්නේ ඉතා ඉහළ ප්‍රතිචාරයකි. 2005 සිට 2011 වසර දක්වා ඇය ‘ඩොක්ටර්ස්’ නම් කතා මාලාවකට සිය රංගන දායකත්වය සැපයීය. චිත්‍රපටවලට අමතරව රූපවාහිනිය තුළ ඇය දක්ෂ නිළියක් බව ඔප්පු කිරීමට එය ප්‍රබල කතා මාලාවක් විය. 2014 වසරේදී ඇය ‘ද ගුඩ් කර්මා හොස්පිටල්’ හි රංගනය ඇරඹීය. එම කතා මාලාවේ හෙදියක් ලෙස ඇය කළ රංගනය එංගලන්ත ප්‍රේක්ෂකයන් අතරද අතිශයින්ම ජනප්‍රියත්වයට පත්විය.

බ්‍රීටිෂ් නැෂනල් ටෙලිවිෂන් සම්මාන උළෙලේ ඇය හොඳම නිළිය සඳහා නිර්දේශ වන්නේ මෙම අද්විතීය රංගනය වෙනුවෙන්ය.

මීට අමතරව ‘රික්වයම්’ නම් කතා මාලාවටද රංගනයෙන් සිය දායකත්වය ලබා දෙයි. මෙම සම්මානය සඳහා නිම්මි හරස්ගමට මනාපය පළ කිරීමේ හැකියාව ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ටද උදා වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Trending News of this Week

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.