Jan
13
රන්ජන්ගේ අහෝසි වන මන්ත්‍රී ධුරයට අජිත් මාන්නප්පෙරුම
උසාවියට අපහාස කිරීමේ වරදට මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (12දා) නියම කිරීමත් සමග ඒ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවේ.
එම හිස්වන මන්ත්‍රී ධුරයට අජිත් මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිතය.
ඔහු සමගි ජනබලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කර මනාප ඡන්ද 47,212ක් ලබාගත්තේය.